Thursday, June 19, 2014

සිංහල මුස්ලිම් ජාතිවාදී ප්‍රශ්නය හාරල බලමුද?

[ඔබාමගෙ තියරිය අනුව] නොබෙල් සාම ත්‍යාගයට සුදුසු ජනාධිපතිතුමාට බොලීවියාවෙන් සම්මාන දීම

සිංහල මුස්ලිම් ගැටුම මේ වනවිට තාවකාලිකව අවසන් වි ඇත. තාවකාලිකව යයි කියන්නේ ගැටුම ඇතිවීමට හේතු සාධක වූ කරුණු වලට විසඳුම් දීමට තවමත් කිසිවෙකුට අවශ්‍යතාවයක් ඇති බැව් පෙනෙන්නට නැති බැවිනි.

මාධ්‍ය ගැනද වචනයක් කිව යුතුය. දර්ගා නගරය සහ ඒ ආශ්‍රිතව සිදුවූ ගැටුම් පිළිබඳ විස්තර මාධ්‍යන් වලට වසන් කිරීමට කටයුතු කිරීමේ හොඳ නරක දෙපැත්තම ඇති බැව් කිවයුතුය. එක් පැත්තකින් ජනතාව කුපිත වීම වැලැක්වීමේ අදහසින් ප්‍රවෘත්ති වසන් කිරීම සිදුවූ අතර මහා පරිමාණ කටකතා වලටද ඉන් ඉඩ ලැබිනි. මා කාර්යාලයේ සිටියදී ලැබුනු එවන් 'ආරංචියකට' අනුව කියවුනේ තංගල්ල ප්‍රදේශයේ කඩ සාප්පු ගිනි තැබීමක් සිදුවෙමින් පැවති බවය.

සිංහල මුස්ලිම් ගැටුම පිළිබඳ ලියැවී තිබූ වාර්තා වලට අනුව මා දුටු එක් ලක්ෂණයක් නම් ගැටුමට නිශ්චිත හේතු දැක්වීමට රචකයන් අපොහොසත් වීමයි. එක් අයෙකු ඥානසාර හාමුදුරුවන්ටද තවෙකෙකු මුස්ලිමුන්ටද තවත් අයෙකු ආණ්ඩුවටද වශයෙන් තමන් කැමති කැමති මුවහම තඩිබෑමට තෝරාගෙන තිබුනි. මේ ලිපියෙන් උත්සාහ කරන්නේ කළමනාකරණයේ මූලධර්මයක් ඇසුරින් ගැටුම විශ්ලේශනය කිරීමටයි.

තර්ක රාමු ප්‍රවේශය යනු කළමනාකරණයේ ප්‍රශ්න විසඳීමට භාවිත වන ක්‍රමවේදයකි. එහි දැක්වෙන ආකාරයට යම් අයහපත් ප්‍රතිපලයක් ඇතිවීමට හේතු සාධක වන්නා වූ කරුණු පිහිටන්නේ දෘශ්‍යමාන ප්‍රතිපලයට යටින්ය. එමෙන්ම එකකට එකක් වෙනස් වූ මට්ටම් අනුවය. ජලයේ පාවෙන අයිස් කන්දක සුළු කොටසක් දෘශ්‍යමාන වන්නාක් මෙන්ම ප්‍රශ්නයක යටින් ඇති ගැටළු පැහැදිලිව දැකගැනීමට නොහැකිය. කළමනාකරණයේ විස්තර වන ආකාරයට එය මෙසේ විස්තර කල හැකිය.

1.ප්‍රතිපලය (ඇසට පෙනෙන මට්ටම)
2.විපාක ගැටළුව
3.මූලික ගැටළුව
4.පාදක ගැටළුව
5.හේතු ප්‍රත්‍යන්

1.ප්‍රතිපලය
ප්‍රතිපලය යනු ප්‍රශ්නය හේතුවෙන් ඇතිවූ "තත්වයයි". මෙය "ස්වභාවිකත්වයෙන්" එනම් පැවතියයුතු තත්වයෙන් කොතරම් දුරස්ද යන්න අනුව ප්‍රශ්නයේ බරපතල කම තීරණය කල හැකිය. පහසුවෙන් ඇසට පෙනෙන්නේ මෙම මට්ටමයි. ගැටුම හේතුවෙන් ජීවිත දේපල විනාශයට ලක්වීම ජාතීන්ගේ අසමඟිය වර්ධනයවීම ආදිය ප්‍රතිපලය ලෙස සැලකිය හැකිය.

2.විපාක ගැටළුව.
ප්‍රතිපලය ඇතිවීමට ආසන්නම හේතුව විපාක ගැටළුවයි. අන්තවාදී බොදු බල සේනාවේ ක්‍රියා කලාපය මෙන්ම ඔවුන්ට එදිරිවූ අන්තවාදී මුස්ලිම්වරුන්ගේ ක්‍රියා කලාපයද භික්ෂුවක් ගමන්ගත් රථයකට පහරදීමේ සිද්ධියද විපාක ගැටළු ලෙස හඳුනාගත හැකිය.

3.මූලික ගැටළුව
මෙහිදී මූලික ගැටළුව ලෙස සැලකිය හැක්කේ නිරන්තරයෙන් සිදුවන සිංහල මුස්ලිම් ගැටුම් ඇතිවීමයි. බොබසේ, රාවනා ආදී සංවිධාන සහ මුස්ලිම් අන්තවාදී සංවිධාන විසින් ජාතිවාදී-ආගම්වාදී බීජ වැපිරීමයි.

4.පාදක ගැටළුව
මූලික ගැටළුව ඇතිවීමට ආසන්නතම හේතුව පාදක ගැටළුවයි. එනම් නීතිය සැමට සමානව ක්‍රියාත්මක නොවීමයි. රජයේ දිශාවට ඇඟිල්ල දිගු කිරීමට සිදුවන්නේ මෙවිටය. මේ වනවිටත් අත් අඩංගුවේ සිටියයුත්තන් වන ඥානසාරලා වැන්නවුන් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමේ රහස එයයි. ආගමික පොලීසි ඇතිකිරීම වැනි අනවශ්‍ය විහිළු වලින් බැහැරවී කටයුතු කල හැකි නම්, අඩු තරමින් මූලික නීතිය ආරක්ෂා කිරීමේ වගකීම දැරීමට හැකි නම් ප්‍රශ්න ඇතිවීම පහසුවෙන් වැලැක්විය හැකිය.

5.හේතු ප්‍රත්‍ය
මුලින් සඳහන් කල ප්‍රතිපලය ඇතිකිරීමට සමත් වූ අනෙක් ගැටළු තුන විසඳීම එක රැයින් සිදුකල හැකිය. අවශ්‍ය වන්නේ අවංක උවමනාව පමණි. 2,3 හා 4 ගැටළු විසඳීම එතරම් අපහසු නොවේ. මතුවන අවස්ථාවේම ප්‍රතිකාර කලවිට රෝගය සුවකල හැකිය.
කෙසේ වුවත් අන්තිම කරුණ වන 'හේතුන්' වලට පිළිතුරු සැපයීම එක්වර කලහැක්කක් නොවේ. මෙහි හේතු වශයෙන් සැලකිය හැක්කේ ජාතීන් අතර ඇති අසමානතා විරෝදාකල්ප ආදියයි. උදාහරණ ලෙස මුස්ලිම් ජනතාව හලාල් ආහාර ගැනීමට කැමති වුවද සිංහලයන් එසේ නොවීම, මුස්ලිම් ව්‍යාප්තවාදය, විවාහ නීති... ආදියත් ඒවාට සිංහලයන් දක්වන නොකැමැත්ත වැනි දෑ දැක්විය හැකිය. මේ සංස්කෘතික අවුල් ලෙහෙසියෙන් පිළිතුරු සෙවිය හැකි ප්‍රශ්න නොවේ. එහෙත් ජාතිකත්වය, ආගම, මාතෘ භූමිය වැනි සංකල්ප මිනිස්කමට හා නීතියට පහලින් තබා කටයුතු කරන ‍ඓහික රාජ්‍යන්හි සාමාන්‍යයෙන් ජාතිවාදී ප්‍රශ්න අඩු බැව් මතක් කරනු කැමැත්තෙමි.
හේතු ප්‍රතයන් අතර ඇති අනෙක් වැදගත් සාධකය දේශපාලනයයි. කටයුතු කල හැකි අවලස්සනම ආකාරයෙන් සිදුවන ලංකාවේ දේශපාලනය ගැන අමුතුවෙන් කතා කිරීම අවශ්‍ය නැත.

තවත් ලිපි: 1.කඹේ පාගපු ගොනා ගැන කතන්දරයක් (කතන්දරකාරයා)
2.අළුත්ගම, අනුසාසනා හා අසමත් රාජ්‍යය, (මාතලන්)(මාතලන් සෑම පැත්තම ආවරණය කර තිබූ බව කිවයුතුය)
3.ආගම නම් වූ විනෝදාංශය (අමිල චතුරංග) අමිල මතුකරල තියනව වැදගත් කරුණක්.
"නිදහස ලබාගෙන අවුරුදු හැටක් ගත වෙනකොට ලංකා ආර්ථිකය තාමත් දුවන්නෙ ටී රබර් පොල්, ගෑනු සහ ඉතාම සුළු පරාසයක අපනයන ප්‍රමාණයකින්. එදා ඒ සල්ලි තියෙන මිනිස්සු මොලේ වෙහෙසලා අලුත් දේවල් හිතලා අලුත් කලා කෘති, අලුත් කර්මාන්ත, නව නිෂ්පාදන වෙනුවෙන් සල්ලි වියදං කලානම් අද වෙනකොට ලංකාව කියන්නෙ මාරම රටක්..."
4.ජාතිය නැති කල හැකිද? නීතිය පොදු විය යුතුද? වැප්
5.ධර්ගා නගරය මැදින් චාරිකාවක් (අජිත් පැරකුම්)

Monday, June 16, 2014

සත්‍ය ප්‍රේම භෘංග රාජය‍ා.......... or......

මතක විදියට ඒ 2007 හෝ 2008 කාලය. නවාතැනේ රාජ් රාජ්‍ය සේවයට කොළඹ ඇවිල්ල නැවතිලා හිටියෙ හෝමාගම පිටිපන හන්දිය කිට්ටු ගෙදරක. හරියටම කියනව නං අර පනාගොඩ (කෑම්ප් එකේ) කුප්‍රසිද්ධ 'පඩිකපනාරාමය' ඉස්සරහින් වැටිල තියන පාරෙ පොඩි දුරක් ගියාමයි බෝඩිම තිබුනෙ. ඔය බෝඩිමේ අංකල්ගෙ ලොකු බෑන දවසක් මාව මුනගැහෙන්න ආව.

"රාජ් මල්ලී, මගේ යාළුවෙකුට ඔයා මුනගැහෙන්න ඔන කිව්ව.... මම නම්බර් එක දුන්න කමක් නෑනේ?"

"හා.... කමක් නෑ...... මොකද්ද කේස් එක?"

"මොනවද විස්තර වගයක් දැනගන්නලු"

ඔය විස්තර වලට උත්තර දීම සාමාන්‍යයෙන් අමුත්තක් නෙවේ. රජයේ සේවය කිව්ව ගමන් සමහරු හිතේ තියන ප්‍රශ්නයක් දෙකක් අහනව. ලයිසන් එකක් කරගන්නෙ කොහොමද, ඉඩමෙ තියන ආරවුල ලිහාගන්නෙ කොහොමද..... වගේ කේස්.

ඔන්න සෙනසුරාද දවසක ලොකු බෑන තවත් හීන්දෑරි හාදයෙක් එක්ක මගේ කාමරේට ආව.

"රාජ් මල්ලී මෙන්න මූ තමයි මම කිව්වෙ!" අපේ කතා නායකය හඳුන්වා දුන්න බෑන ගියා. ආගිය විස්තර ටිකක් කතාබහ කල අපේ යාළුව සෑහෙන්න උවමනා කමකින් අලුත් මාතෘකාවක් පටන් ගත්ත.

"මචං උඹලගෙ ඔපිස් එකේ ඉන්නවද ධර්මදාස කියල රාලහාමි කෙනෙක්?" මෑන් තීරනාත්මක ප්‍රශ්නය ඇහුව. ධර්මදාස කියන නම ටිකක් විතර නුපුරුදු උනත් මට හොඳ මතකයක් තිබුන ඒ ගැන.
රයිට්! ගිය සතියෙ මම පේරෝල් එකට අලුතෙන් දැම්මෙ 'ධර්මදාස' තමයි! ධර්මදාස නමත් එක්ක ටිකක් විතර කලුපාට මිටි තට්ටෙ පෑදුන රාලහාමිගෙ මූණත්තහඩුව මගේ ඔලුවට ආව. නමුත් මේ යකා මෙච්චර උනන්දුවෙන් ධර්මදාස ගැන අහන්න හේතුව මොකක්ද කියලත් මට ප්‍රශ්නයක්. ධර්මදාසට ගේමක් දෙන්න ආපු මෑන් කෙනෙක්ද කවුද දන්නෙ! මම එකසැරේම උත්තර දුන්නෙ නෑ.....

"ඇයි? මොකද්ද කේස් එක.... මට හරියටම මතකයක් නං නෑ..........."

"නෑ මචං ඔය ධර්මදාස කියන්නෙ කොට්ටාවෙ ඉඳල එන කෙනෙක්..... එයාගෙ දුවෙක් ඉන්නව මචං......" දැනුයි මට වැඩේ තේරෙන්නෙ.

අපේ කතාව පැය භාගයක් විතර ඇදිල ගියා. ඒ කතාව අනුව මෑන් කුරුණෑගල පැත්තෙ පොරක්. අහවල් විශ්ව විද්‍යාලයෙන් ඉගනගෙන තියෙන්නෙ අපිට සමාන්තර කාලයක. හෝමාගම කර්මාන්ත පුරයේ ගාමන්ට් එකක HR කෙනෙක් විදියට වැඩකරමින් හිටියෙ. රාලහාමිගෙ දුවට මෑන්ගෙ හිත ගිහින් තියෙන්නෙ කෙල්ල ඒ ලෙවෙල් කරද්දි. ඒ වෙනකොට කොල්ල කැම්පස් එකේ. කෙල්ලත් කැම්පස් එකට ආවට පස්සෙ කෙල්ල එක්ක සෙට්වෙලාද කියන එක මට ටිකක් සැක සහිතයි දැං. එක්කෝ සෙට්වෙලා ඉන්න අැති. නැත්තං සෙට් වෙන්න වගේ හිටියට කෙල්ලගෙ 50% හරියටම තිබිල නැති වෙන්න ඕන. කොහොම නමුත් අපි කතා කරන කාලය වෙද්දි කෙල්ලට ගෙදරින්‍ යෝජනාවක් ගෙනල්ල තිබුනලු. කෙල්ලත් ඒකට අකමැත්තක් නැති වගේලු. අපේ යාළුව මාව මුනගැහෙන්න ආවෙ ලොකු උදව්වකට නෙවේ. රාලහාමි මොනවගේ කෙනෙක්ද කියල විතරයි මගෙන් ඇහුවෙ. මාත් මට කිව්ව දේවල් වලට අමතරව මොකුත් හාරවුස්සන්න ගියේ නෑ. කොහොම උනත් මිනිහ කෙල්ලට සෑහෙන්න කැමැත්තෙන් හිටි පාටයි. එක වෙලාවක මම අහපු බ්‍රේක් නැති ප්‍රශ්නෙකට මෑන්ගෙ ඇස් දෙකත් දිලිසෙන්න ගත්ත බව කියන්න ඕන. එන්න හදන වෙලාවෙ සිගරට් එකක් මෑන්ට දික් කලාමත් එපා කිව්වෙ කෙල්ල හින්ද දුම්බීම නැවැත්තුව බව කියල.

කොහොම නමුත් මම අවසන් වතාවට කොළඹ හිටිය 2009 මුල් කාලෙත් මෑන් මට කතා කලා. ඒ කියන්නෙ අවුරුද්දක් දෙකක් තිස්සෙ වැඩේ ඔහොමයි. 2009 මම මෙහාට ආව. ඊට පස්සෙ මට කතා කල දවසක මම කිව්ව, මම ගමට ආපු බව. ඊට පස්සෙ මෑන් කතා කලේ නෑ. එක්කෝ වැඩේ ගොඩ යන්න ඇති. නැත්තං හබක් වෙන්න ඇති.

මේ අතරෙ ලඟදි දවසක දන්නෙ නැති නොම්මරයකින් මට කෝල් එකක් එනව.

"මචං රාජ්...... උඹට අඳුරන්න පුළුවන්ද මාව?" මට ඒ වොයිස් එක සෙට් උනේ නෑ එකපාරට.

"මචං මම සමන්ත!" ඌට මාව මතක් වෙලා එහෙනං...... මදෑ ඒකත් ලොකු දෙයක්නෙ. ආගිය කතා දෙක තුනකට පස්සෙ මෑන් අමුතු ප්‍රශ්නයක් ඇහුව!

"මචං..... උඹට හෝමාගමත් එක්ක තාම කනෙක්ෂන් තියනවද? මට අර කෙල්ල ගැන දැනගන්න පුළුවන් විදියක් කියපං මචං"

"මොන &^%*ක්ද යකෝ..... එක *%&(*^ද තියෙන්නෙ මේ රටේ....." මට එහෙම කියන්න හිතුනත් කිව්වෙ නෑ! හෝමාගම එක්ක වැඩි සම්බන්ධයක් නැතිබව කිව්ව.... ඇත්තටම අපි එක්ක හිටිය හුඟක් දෙනෙක් දැං කාර්යාලෙ නෑ කොහොමත්.... මෑන්ට කෙල්ල නැතිව ඉන්න බැරි කතාවක් තමයි කිව්වෙ. අවුරුදු දහයක් විතර කෙල්ලෙක් ගැන හිත හිත ඉන්න මූ එක්කෝ සිරාම ප්‍රේමවන්තයෙක් වෙන්න ඕන. නැත්තං එක විදියක පිස්සෙක් වෙන්න ඕන. නැත්තං ලව් කිරිල්ලත් එක විදියක පිස්සුවක් වෙන්න ඕන.


Tuesday, June 10, 2014

අසුන්දර පාපන්දු! Qatar 2022 FIFA World Cup

ක්‍රීඩාව සුන්දරය,
ලෝකයම ක්‍රීඩා කරන පාපන්දු වඩාත් සුන්දරය,
සුන්දර පාපන්දු 'ලොක්කන්' උරෙනුර ගැටෙන ලෝක කුසලානය නැරඹීම වඩාත් සුන්දරය.
ඇමේසන් නදිය සුන්දරය,
ඇමේසන් වනයද සුන්දරය,
කෙල්ලන් සුන්දරය,
බ්‍රසීල කෙල්ලන් අති සුන්දරය,
සුන්දර කෙල්ලන් ඇති, ඇමේසන් පිහිටි, බ්‍රසීලයේ සුන්දර පාපන්දු ලෝක කුසලානය පැවැත්වීම අති සුන්දරය.
කාන්තාරයඅසුන්දරය,
කාන්තාරයේ ක්‍රීඩා කිරීමද අසුන්දරය,
සුන්දර කාන්තාවන් කාන්තාරයේ සිටීම තවත් අසුන්දරය,
අන්තවාදය අසුන්දරය,
අන්තවාදය ආගමෙන් පැමිණීම ඊටත් අසුන්දරය,
සුන්දර කාන්තාවන්, අන්තවාදී ආගමේ නාමයෙන් කාන්තාරයේදී ගෝනිබිල්ලන් කිරීම අති අසුන්දරය.
සුන්දර පාපන්දු මහා ගැටුම අසුන්දර කාන්තාරයේ පැවැත්වීම අසුන්දරය,
අසුන්දර 'ගෝනිබිල්ලන්' පිරිවරා පාපන්දු බැලීම තවත් අසුන්දරය.
අන්තවාදී-ම්ලේච්ඡ ආගම් අසුන්දරය,
ම්ලේච්ඡත්වයට ගරුකරන්න යයි කීමද අසුන්දරය,
ම්ලේච්ඡයන් අතර හිඳ පාපන්දු බැලීම තවත් අසුන්දරය,
ම්ලේච්ඡයන් අතර සිට මහා පාපන්දු ගැටුම පැවැත්වීමට තීරණය කිරීම වඩාත්ම අසුන්දරය.
එවන් අසුන්දර තීරණ ගන්නේ පිස්සන්ය නැතහොත් කපටින්ය,
එවන් තීරන අනුමත කරන්නේද පිස්සන්ය නැතහොත් කපටින්ය,
එවන් තීරණ හමුවේ මුක පූට්ටු කරගෙන සිටින්නේද පිස්සන්ය නැතහොත් කපටින්ය.