Wednesday, October 26, 2011

මුල හොයාගෙන යාම‍.

තරුණ පරම්පරාව ඇයි මෙච්චරටම මල් කඩන්නෙ කියන කාරණාවෙ මුල හොයාගෙන ගිය මට අන්තිමේ ෆේස්බුකියෙන් උත්තරේ ලැබුන. බලන්න බොරුද කියල,

Monday, October 24, 2011

මළගෙවල්, පිරිත් ගෙවල්, දාන ගෙවල්වල ආගිය කතා.......

ටික දවසකින් හිනාවෙන්නත් බැරිවුනානෙ. ඒ උනත් අනිත් බ්ලොග්වල තිබුන කතන්දර බලල හිනා නූන නෙවෙයි. රග්බි වර්ල්ඩ් කප් එක ගැන දාන්න හිතං හිටිය පෝස්ට් එක ටික ටික පරක්කු උනා. දැං ඉතිං ඒකත් ඉවරයි. හරි අද කියන්න යන්නෙ දාන ගෙවල් පිරිත් ගෙවල් මළ ගෙවල්වල සිද්ධ වෙච්චි සත්‍ය අසත්‍ය කතා.

ඉස්සෙල්ලම දානෙ ගෙදරක කතාවක්. මේක සමහරු අහලත් ඇති.

ඔන්න ගෙදරක සාංඝික දාණයක් තිබුනලු. කෑම භාජන අතින් ගත්ත නිවැසියන් හාමුදුරුවරුන්ට පිලිගන්වගෙන යනවලු. ගෙහිමිය අතේ තිබුනෙ මස් භාජනය. හාමුදුරුවොයි ගෙහිමියගෙයි කතාව මෙහෙමයි.

ගෙහිමියා : හාමුදුරුවනේ මස්....
හාමුදුරුවෝ: මොනවද මහත්තයෝ මස් ජාතිය.
ගෙහිමියා : හාමුදුරුවනේ කුකුල් මස්..
හාමුදුරුවෝ: පව් අහිංසක සතා.....හ්ම්...එහෙනං පීකුදු කෑල්ලකුයි හොදි චුට්ටකුයි දාන්න.
********************************************************************

ඊලග කතාව පිරිත් ගෙදරක කතාවක්. මේක කිවුවෙ මගේ කලිං ඔෆිස් එකේ හිටිය මංගල අයිය. එහෙ හිටිය කම්මැලි මිස් කෙනෙකුගෙන් එයා ඇහුව ....මිස් මොකද පිරිත් ගෙදරක ගියා වගේ කියල, මම විස්තර අහපු වෙලාවෙ එයා මේක කිවුවෙ.

ඔන්න ගමක ගෙදරක හිටියලු නෝනයි මහත්තයයි දෙන්නෙක්. මේ නෝන හරි කම්මැලියිලු.නිතරම නිදිලු. ඒ වගේම කිසිම දේකට උවමනාවක් නැහැල්ලු(දන්නෝ දනිති). මහත්තයට ඒ කියන විදියෙ උවමනාවක් හැදුනම පොඩි ටච් එකක් එහෙම දානවලු. එතකොට නෝන කරන්නෙ ඇදගෙන ඉන්න ඇදුම ගලවල දාන එකලු. ඊට පස්සෙ ආයෙත් නිදි.

දවසක් මේ දෙන්න ගියාලු පිරිත් ගෙදරකට. සුපුරුදු විදියට විනාඩි 5ක් යනකොට නෝන නිදි. ටික වෙලාවකින් බිස්කට්, කෝපි එහෙම ලැබෙන්න ගත්තලු. මහත්තය කරල තියෙන්නෙ නින්දෙ හිටිය නෝනව කූද්දපු එක. නෝන එකපාරටම නින්දෙන් අවදිවෙලා "ආ..ඔන්න" කියල ඇදගෙන හිටිය බ්ලවුස්එක ගලවල දැම්මලු.

********************************************************************
දැං කියන්න යන්නෙ මළගෙවල් වල කතා.

මේ සිද්ධි තුනම ඇත්ත ඒවා. අපි කැම්පස් එකේ දෙවන අවුරුද්දෙද කොහෙද ඉන්න කාලෙ යාළුවෙකුගෙ තාත්ත කෙනෙක් මැරුණා. කස්ටිය වීක්එන්ඩ් එකේ මළගෙදර ගියත් සිකුරාදා ගෙදර ගිය කෙනෙකුට මළගෙදර යන්න බැරිඋනා. ඊට පස්සෙ දවසක අර යාළුව මුනගැහිල කියනවා,

"මචං මට එන්න උනේ නෑ,... අම්මගෙ එකටවත් එන්නං"

අපේ සීනියර් බැච් එකේ මේවගේම ඩයල් එකක් කියල තිබුනා මෙහෙම,(මැරිල තිබුනෙ යාළුවෙගෙ අම්ම කෙනෙක් හරි තාත්ත හරි)

"මචං ගනංගන්න එපා ෆිට් එකේ ඉදපන්"

තව සිද්ධියක් දැන් මතක් උනා. ඒක උනේ අපි පලමු අවුරුද්දෙ ඉන්න කාලෙ සීනියර් බැච් එකේ අක්ක කෙනෙකුගෙ ආච්චි කෙනෙක් මැරිල කියල එහේ ගියා. බලනකොට මැරිල තියෙන්නෙ ආච්චි නෙවේ ආච්චිගෙ යාළුවෙක්.

අන්තිම කතාව සිද්ධවුනේ අපේ රවී අයියගෙ සීය මැරුණ වෙලාවෙ.

ඒ වෙලාවෙ අපි කතා‍වුනේ තොරණට ගහන වාක්‍ය මොකක්ද කියල. එක එක කෑලි ඕවයෙ ගහනවනේ. ඒගැන කස්ටිය වාද කරනවා. මේ වෙනකොට සම්මත භෞතික තත්ව ඉක්මවා ගිහිල්ලයි හැමෝම හිටියෙ.

එකෙක්: අපි ගහමු බං "පිය සෙනෙහසක නිමාව" කියල.
තව එකෙක්: නෑ අපි ගහමු "පියානනි ඔබට නිවන්සුව" කියල
තවත් එකෙක්: නෑ නෑ ගහමු "පැන්ෂන් එක නැතිවුනා" කියලා.
රවි අයියගෙ සීය පෙන්ෂන් පඩියක් ගත්ත කෙනෙක්.

Sunday, October 23, 2011

අවවාදයයි! පැවරීම අතපසු කල වාහන සදහා දිනකට රුපියල් සීයක් බදු.

පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතට ප්‍රකාශයක් නිකුත් කරන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඩී.බී.එල්. ධර්මප්‍රිය මහතා ප්‍රකාශ කරන පරිදි දින 15ක් ඇතුලත පැවරීම ‍සිදු නොකරන වාහන වලින් දිනකට රුපියල් සීයක බදු මුදලක් අයකිරීමට තීරණය කර ඇත.

මෙය තවදුරටත් පැහැදිලි කිරීම සදහා උදාහරණයක් ගෙන බලමු.

යම් පුද්ගලයෙක් 2007.01.01 දින අවුරුදු තුනකින් ගෙවීමේ ලීසින් පදනම මත වාහනයක් මිලදීගත්තේ යයි සිතමු.

එවිට වාහනය ලියාපදිංචිය සිදුවන්නේ(වාහනයේ පොත-CR-හි මෙය සටහන් වේ),
# අයිතිකරු අදාල පාරිභෝගිකයා ලෙසද,
# පරම අයිතිකරු ලීසින් සමාගමද ලෙසය.

නියමිත පරිදි වාරික මුදල් ගෙවූ පසු අයිතිකරුට වාහනය අයත් වන්නේ 2010.12.01 දිනයි. නව නීතිය අනුව එතැන් සිට දින 15ක් ලැබෙන අතර ඉන්පසු දිනකට රුපියල් 100 බැගින් දඩ මුදල් ගෙවීමට සිදුවේ.

පරම අයිතිය ලීසින් සමාගම සතුවද අයිතිය තමාගේම නමටද ඇතිවිට සාමාන්‍යයෙන් බොහෝ දෙනා පැවරීම සිදු කිරීම අතපසු කරන බව මා අත්දැකීමෙන් දන්නා කාරණයකි. ඒ අනුව අවුරුද්දක් ප්‍රමාදවූ වාහනයක් සදහා ගෙවීමට සිදුවන මුදල රු.36500.00කි.

අවුරුදු කිහිපයක් පැවරීම අතපසු කල වාහනයක දඩමුදල වාහනයේ වටිනාකමද ඉක්මවා යා හැකිය.

ප.ලි- ඔබ මෙම ගැටළුවට ලක්වී ඇත්නම් උපදෙස් ලබාදිය හැකිය. සහනදායී ගාස්තු! හරිගිය පසු මුදල්! වාරික වශයෙන්ද ගෙවිය හැක.:D

Friday, October 21, 2011

ක්‍රමය වෙනස් කිරීමෙන් ප්‍රශ්නය විසදිය හැකිද?

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ මරණයේ උණුසුම මැකී යමින් පවතී. දුමින්ද සිල්වා තවමත් රෝහල්ගතව නොසිටියේ නම් එය මේ වනවිටත් අතීතයට එක්වූ කාරණාවක් පමණක්ම වීමට ඉඩ තිබුනි. කෙසේ වුවද තව මාසයක් දෙකක් ඉක්ම ගියතැන මෙය, නඩු දිනයේදී පමණක් ප්‍රවෘත්තියක් වන තරමේ සුළු සිද්ධියක් වනු නොඅනුමානය.

සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ විවේචනය වන්නේ මණාප ක්‍රමයට දොස් නැගිමයි. අමතර වශයෙන් වැඩිදුර යන්නන් ජේආර්ට සහ ඔහුගේ ක්‍රමය මුවහම කරලගෙන ඇත. තමාගේම පක්ෂයේ දෙදෙනෙක් ‍කා කොටාගෙන එකෙකු මියගොස් අනෙකා බරපතළ තුවාල ලැබූ කල මනාප ක්‍රමයට දොස්නැගීම හැර, එල්ලෙන්නට වෙනත් ශක්තිමත් වැලක් ඔවුන්ට නොමැත.

මේ වනවිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ඉක්මවා බලය ඇති ආණ්ඩුව ගන්නා ක්‍රියා මාර්ගය රටේ අනාගතය සම්බන්ධයෙන් අතිශයින්ම වැදගත්ය. අනෙක් අතට කවුරු කෙසේ කීවද අවසාන තීරණය මහින්ද රාජපක්ෂ මහතා අත බව පැහැදිලිය.

රජය පාර්ශවයේ මැති ඇමතිවරුන් පවසන ආකාරයට මණාප ක්‍රමය අහෝසිකර යලිත් පැරණි ක්‍රමය හෝ ඊට තරමක් දුරට සමාන ක්‍රමයකට ගමන්කිරීම ප්‍රශ්නයට විසදුමක් වේද?

මගේ අදහස නම් නැත යන්නයි.

මණාප ක්‍රමය අහෝසිකර යලිත් පැරණි ක්‍රමයම මැතිවරණයට පැවැත්වීමට තීරණය කලේ යයි සිතමු. එවිට එක් ආසනයකට එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බැගින් පත්වේ. මැතිවරණයේ කටයුතු දැන් පවතින ආකාරයටම සිදුවුවහොත් එකම පිලේ මනාප පොරය අවසන් වන නමුදු අපේක්ෂකයා සතු මුළු බලයම තම ප්‍රතිවාදියා මත හෙලීම වැලැක්විය හැකිද? තමා නිකුත්කල නියෝගය අපේක්ෂකයන් පිලිනොපදින තත්වයක් යටතේ එම නියෝගය හකුලාගැනීමට සිදුවූ මැතිවරණ කොමසාරිස්වරයෙක් සිටින රටක ක්‍රමය වෙනස්වූ පමණින් සියල්ල හරියාවි යයි උපකල්පනය කලහැකිද?

මෙහි තවත් පැතිකඩක්, මුල්ලේරියාවේ සිදුවීමෙහි මූල බීජය පැමිණ ඇත්තේ කොහෙන්දැයි සොයාගැනීමෙන් අනාවරණය කරගත හැකිය. එනම් ආසනයේ "ලොක්කා" වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට විරුද්ධ පුද්ගලයෙක් පළාත්සභා හෝ ප්‍රාදේශීය සභාවට තරග කලහොත් ඇතිවන තත්වය කෙබදු වේදැයි කල්පනා කල යුතුය. එම ගැටුම නැවැත්වීමට නම් අනිවාර්යෙන්ම ලොක්කාගේ හෙන්චයියෙකු පළාත් සභා හෝ ප්‍රාදේශීය සභාවට තරග කලයුතුමය.

යම් ආසනයක පාර්ලිමේන්තු නියෝජිතයා වෙනස්වී එම පක්ෂයේම හෝ වෙනත් පක්ෂයක අයෙකු පත්වූ විටද ආසනයේ සිටින පළාත්සභා හෝ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට ඇතිවන තත්වය කෙබදු වේද?

මෙවැන් උදාහරන කොතෙකුත් දැක්විය හැකි අතර ක්‍රමය වෙනස්වනු වෙනුවට රටේ නීති පද්ධතියේ වෙනසකින් සැබෑ වෙනසක් කලහැකි බව මගේ විශ්වාසයයි.

ජේ.ආර්. ජයවර්ධන මහතා 1978 වසරේදී තිබූ ක්‍රමය වෙනස්කල පසු එකම පක්ෂයේ අපේක්ෂකයන් මණාප පොරය නිසා මරාගන්නා තත්වයක් නොතිබුනි.(තිබුනද සුළු වශයෙන් වියහැකිය). අද පවතින ක්‍රමය, එදා ක්‍රමය පරිණාමය වීමෙන් ඇතිවූ විකෘති තත්වයක් වන අතර මෙසේ වීමට හේතුව (මා දකින පරිදි) ප්‍රචන්ඩත්වයේ වර්ධනයට/විකාශනයට සාපේක්ෂව යහපාලනය ඇතිකිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ගයන්හි වර්ධනය/විකාශනය ප්‍රමාණවත් හා ගුණාත්මක නොවීමයි. මේ සදහා 1978 සිට මේදක්වා පැවති සියළුම රජයයන් වගකිවයුතු අතර වෙනසක් කිරීමට බලය තිබියදීත් වෙනස සිදු නොකරන්නේ නම් වර්තමාන රජය අතීතයට එක්වූ දිනෙක ඔවුන්ට එල්ලවන චෝදනා කිහිප ගුණයකින් වැඩිවනු ඇත.

Thursday, October 20, 2011

ක්ෂේත්‍රගත සමගිය.

මා යතුරු පැදියෙන් අද දින උදෑසන තරමක් ප්‍රමාදවී කාර්යාලයට පැමිණෙමින් සිටින අතර ඉදිරියෙන් පැමිණි යතුරු පැදියෙන් අනතුරු හගවන සඥා එලියක් දැල්විණි. ඔහුගේ පරමාර්ථය ඉදිරියෙන් පොලිසිය සිටින බව මාහට දැන්වීමය.

මෙම අත්දැකීමට මුහුණ නොදුන් රියදුරකු සිටිය නොහැකිය.

මේ කාරණාව සමග සාකච්ඡා කිරීමට යන්නේ එක් එක් ක්ෂේත්‍ර වලට සීමා වී ඇති සමගිය හා අසමගිය ගැනය. එහි සුලභම උදාහරණයක් වන්නේ පොලීසිය සහ රියදුරන්ය. මේ ක්‍රියාව එතරම්ම ප්‍රඥා ගෝචර නූනත්(මක්නිසාද යත් මාර්ග නීතිරීති තුට්ටුවකටවත් නොතකන මගමරුවන්ටද මේ තුලින් නීතියෙන් ගැලවීමට අවකාශ සැලසේ) ජාති ආගම් කුල භේද නොසලකා පොදු (පොලිස්) සතුරාට විරුද්ධව නැගී සිටින හැටි අපූරුය. මෙහිදී කෙනෙකුට උදව්වක් කිරීමේ චේතනාව සහ පොලීසියෙන් පළිගැනීමේ චේතනාව යන දෙකම තිබිය හැකිය. සමහර රියදුරන් පොලීසියේ දඩයකට ලක්වූ විට ඉදිරියට පැමිණෙන සෑම වාහනයකටම සඥා ලබාදෙති.

දැන් අපි තවත් ක්ෂේත්‍රයක් ගනිමු. මා 2006 වසරේ රැකියාව ලැබාගත් අතර එහිදී කාර්යාලයට ඉදිරිපත් කලයුතුව තිබූ වෛද්‍ය සහතිකය ලබා දීමට පමාවිය. ඒ සදහා රෝහලකට ගිය අවස්ථාවේදි මගේ පිහිටට පැමිණියේ මාගේ ක්ෂේත්‍රයේම වැඩකරන නිලධාරිණියන් කිහිපදෙනෙකි. ඊට පෙර දැක හෝ නොතිබූ ඔවුන් මා වෙනුවෙන් ඉතා විශාල කාලයක් ශ්‍රමයක් වැයකලේ මාද ඔවුන්ගේ කෙනෙක් යන හැගීමෙනි.

මා දන්නා, තවත් සිද්ධියක් නම් එක්තරා රෝහලක වෛද්‍යවරයෙකුගේ වැරැද්දෙන් රෝගියෙකු මියගිය අතර මරණ පරීක්ෂණය සිදුකල වෛද්‍යවරයා මරණයට හේතුව වසං කර වෙනත් හේතුවක් දැක්වූයේ තමාගේ වෘත්තීය සගයා ආරක්ෂා කිරීමයි.

මෙහි ප්‍රතිවිරුද්ධ පැත්තක්ද ඇත. ජ්‍යෝතිෂයේ සිටින "අන්‍යෝන්‍ය වශයෙන් මහා වෛරී" පක්ෂීන් මෙන් අසමගිකම් සහිත ක්ෂේත්‍රද ඕනෑතරම් ඇත.

උදාහරණයක් ලෙස තමා අයත්වන අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් ගැන ගුරුවරයෙකුගෙන් ඇසුවහොත් ඔහුගෙන් සුද්ධ සිංහල වචන මාලාවක් අසාගතහැකිය.

රෝහලක සිටින කාර්යමණ්ඩලය අතුරින් ‍ප්‍රථිකාරවලට සම්බන්ධ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, සාත්තු සේවකයන් ආදීන් සහ එහි පරිපාලන කටයුතු වලට සම්බන්ධ නිලධාරීන් අතර ඇත්තේද එකිනෙකා නුරුස්සන ස්වභාවයක් වන අතර අවස්ථාවක් ලද සැනින් එකිනෙකාගෙන් පළිගැනීමට මොවුන් සැරසී සිටිති.

මා අධ්‍යනය කල යම්යම් ක්ෂේත්‍රවල නිරත වන්නන් මෙසේ වීමට නිශ්චිත-පොදු හේතුසාධක සොයාගැනීමට අපොහොසත් වුවත් ඉතා කුඩා සිද්ධීන් මේවාට මූලිකවි ඇත.

මා දන්නා කාර්යාලයක මෙවැනි භේදයක් තිබූ අතර එහි දෙපාර්ශවය වූයේ 2004 වසරේ රජයේ උපාධිධාරී වැඩසටහන යටතේ පත්වූ උපාධිධාරීන් සහ ඊට පෙර කාර්යාලයේ සිටි අනෙකුත් නිලධාරීන්ය. භේදය ඇතිවීමට හේතුව ඉතා සුළු සිද්ධියක් වුවත් ප්‍රථිපලය වූයේ කාර්යාලයේ කාර්යක්ෂමතාවයට බාධා ඇතිවීමයි.

මේවා සීයට සීයක්ම නැවැත්විය හැකි සිදුවීම් නොවේ.

කුමන පාර්ශවයකට අයත් වූවත් තමා ඉදිරියේ සිටින්නා දෙස මිතුරු ආකල්පයකින් බැලීමට හැකිවු දිනෙක සමාජය මීට වඩා යහපත් තැනක් වනු ඇත.

Tuesday, October 18, 2011

හිට්ස් 5000කට පසු ඉන්ටවීව් කතාවක්.......!

හරි ඉස්සෙල්ලම කියන්න තියෙන්නෙ ඊයෙ දාපු පෝස්ට් එකත් එක්ක හිට් කවුන්ටරේ 5000 සටහන් උනා කියනඑක. 2011 අප්‍රේල් පටන්ගත්ත බ්ලොග් ලිවිල්ල මේ වෙනකොට හතලිස් දෙවාරයක් ලියල තියනවා. මම මේ බ්ලොග්එක පටන් ගන්නකොට හිතාගෙන හිටියෙ, මගේ හිතේ ඇදිල තිබුණු කෙටිකතා දෙකතුනක වස්තුබීජ ටික පැළකරලා දාන්න. ඒත් වැඩේ කියන්නෙ ඒ දේවල් පැත්තකට ගිහිල්ලා කතන්දරයි දේශපාලනයයි ලියන තත්වෙට මංතුමා පත්වෙච්චිඑක.(මීට අමතරව ක්‍රීඩා පෝස්ට් දෙකතුනක් ඇති මං හිතන්නෙ).

කොහොම උනත් අද දවසේ සිහිකිරීම්/සැමරුම් ගොඩක් තියනවා.
# බුවාගෙ සිතිවිලි පෝස්ට් 100යි.
# සදරුවගෙ හිස් අහසට අවුරුද්දයි.
# බිගුවා බැදලා අවුරුදු හතරයි.
# නිකමා හිට්ස් 10000යි.
# මට හිට්ස් 5000යි.
(කස්ටියම සෙයට්වෙන්න තිබුනනං කියලත් හිතෙනවා)
එහෙනං මාත් එක්ක හිටිය හැමෝටම බොහොම ස්තුතියි.
මෙන්න අද කතාව.

මේක මගේ සීනියර් බැච්එකේ අයිය කෙනෙකුට වෙච්ච මමත් දන්න සීන් එකක්. කිවුවෙ එයාගෙ බැච්එකේ වෙනත් අයිය කෙනෙක්.(ටිකක් අතිනුත් දාල මගේ හිතේ) ඒනිසා සත්‍ය අසත්‍ය තාවය 100%ක්ම කියල විශ්වාස කරන්නත් බෑ.

කතා නායකයගෙ නම කපිල කියල කියමු.(ඇත්තටම කපිල තමයි)

මෙයා ගියා ප්‍රයිවට් කම්පැණියක ඉන්ටවීව් එකකට. මම නං ඉන්ටවීව් ගිහිල්ලා නෑ. අහල තියන විදියට ඒවයෙදි චූටි දේවල් පවා ලොකුවට බලනවලු.

ඕං කපිල අයිය ‍ගියා ඉන්ටවීව් බෝඩ්එක ඉස්සරහට. වාඩිවෙන්න කිවුවා. කැරකෙන පුටුවක් තිබුනෙ වාඩිවෙන්න. මෑන් බරදාලා වාඩිවෙන්න හැදුව විතරයි පුටුව ලිස්සල ගියා අඩි ගානක් ඈතට...

ඊට පස්සෙ පුටුව හදන්න චුට්ටක් පහත් උනා විතරයි ෂර්ට් එකේ උඩ සාක්කුවෙ තිබුන රුපියලේ දෙකේ කාසි ලොට් එකක් වැටුනා සල සලාං ගාලා.

ඒටික ඇහිදගෙන ආයෙත් වාඩිවෙනකොට ඒසී රූම් එකක හිටියත් මෑන්ට හොදටම දාඩියදාලා. අහපු ප්‍රශ්න වලට හීනෙං වගේ උත්තර දෙනකොට සේවකයෙක් තේ අරගෙන ආව. අපේ මෑන්ටත් ආරාධනා කලා තේ බොන්න. පැටිස් ද මොනවදත් තිබුනලු කන්න. වෙච්ච සීන් වල හැටියට ආරාධනාවට පොර ඇඹරෙනවලු. පස්සෙ ඉන්ටව් බෝඩ් එකේ ලොක්ක කිවුවලු "කමක් නෑ කන්න" කියලා. එකක් කාල බලනකොට පැටිස්එක රසයි වගේ ලු. ඒ ගමන තවත් එකක් කාලා ටී එකත් බීලා සාක්කුවට අත දැම්මලු ලේන්සුව ගන්න. මොන! ඒකත් අමතක වෙලා!

සර්වියට් එකත් ඉන්ටවු බෝඩ් එක ගානෙ.
අන්තිමට මොකක්ද අස්සනක් දාන්න කිව්වලු ඒකට පෑනත් ඉන්ටවු බෝඩ් එකෙන්.

ඔයවගේ සාර්ථක සම්මුඛ පරීක්ෂණයකින් පස්සෙ කපිල අයිය එලියට ආවෙ මහා පරිමාණ චූ බරකුත් දරාගෙන. ලගපාත ටොයිලට් එකකුත් නෑ, බර දරාගෙන ඉන්නත් බෑ. අපේ මෑන් පාරට ඇවිල්ලා ෆැක්ටරියෙම තාප්පෙට බර හෑල්ලු කරගන්නකොට ඒකෙ ගේට් එක ඇරුනා. ආවා කාර් එකක්, කාර් එකේ හිටිය මෑන් හිනාවක් දාගෙන බුවා පහුකරගෙන ගියා. දන්නවද ඒ කවුද කියල,

ඒ තමයි ඉන්ටව් බෝඩ් එකේ ලොක්ක.

Monday, October 17, 2011

විශ්වාසවන්ත කොල්ලො දෙන්නෙක් හොයල දෙන්න බැරිද?

ලංකාවෙ අපි අමතකවීම අතින් ඉන්නෙ අංක එකේ කියල කියන්න අටුවා ටිකා ටිප්පණි ඕන නෑනේ. අපේ අයට ඕනම දෙයක් මතක තියෙන්නෙ සතියක් විතරයි. මේකෙන් කාලයක් හොදටම ප්‍රයෝජන ගත්තෙ ප්‍රභාකරන් උන්නැහේ. දැං එයා නැතත් අපේ පුරුද්ද එහෙමමයි. මේ කියන්නෙත් ඊට සම්බන්ධ කතාවක්.

මගේ යාලුවෙක් ඉන්නව රවී කියල (මං හිතන්නෙ එයාගෙ කතාවකුත් දාල තිබුනා). එයාට එයාගෙ යාළුවෙක් වන විදුලි උපකරණ වලට ප්‍රසිද්ධ සමාගමක මැනේජර් කෙනෙක් කතා කරනවා මෙහෙම.

මැනේජර්: මචං රවී මට හොද විශ්වාසවන්ත කොල්ලො දෙන්නෙක් හොයල දෙන්න බැරිද ෂොප් එකේ වැඩට?
කොහොමහරි මගේ යාළුවා මැනේජර් මහත්තයගෙ අවශ්‍යතාවය ඉෂ්ට කරල දුන්නා.

ඊට පස්සෙ සතියක් ඇතුලත සිද්ධ වුනේ හොයල දීපු "විශ්වාසවන්ත" කොල්ලො දෙන්නගෙන් එකෙක්, ඒකෙ වැඩකරපු වැඩට දක්ෂ හොදම කෙල්ලත් එක්ක පැනල ගිය එක. මේ සිද්ධියට අදාලව කෙල්ලගෙ පාර්ශවයේ චෝදනා වලට මුහුණදෙන්නත් මැනේජර් මහත්තයට සිද්ධ වුනා. ඊට දවස් කිහිපයකට පස්සෙ සතියෙ දවසක ෂොප්එක වහල තියන නිසා මගේ යාළුවා ඒගැන විපරම් කරපු වෙලාවෙ තමයි සිද්ධිය දැනගත්තෙ.

තවත් සතියයි ගියේ මැනේජර් මහත්තයා ආයෙත් මගේ යාළුවට කතාකරල කියනවා,
"රවී මට හොද විශ්වාසවන්ත කොල්ලො දෙන්නෙක් හොයල දීපං"

Monday, October 10, 2011

ඉලෙක්ෂන් ඩියුටි.

මේ දවස් ටිකේම ජාලෙට එන්න බැරිවුනේ මැතිවරණ රාජකාරි සදහා සූරියවැව ප්‍රදේශයට ගිය නිසා. ඒ නිසා අද කතා කරන්න යන්නෙ මැතිවරණයත් එක්ක බැදුනු රාජ්‍ය සේවයේ උප සංස්කෘතින් ගැන කියන්න.

ඉලෙක්ෂන් එකට දවසකට ‍හෝ දෙකකට කලිනුයි ඒ සදහා නිවාඩු ලැබෙන්නෙ(රාජකාරී ස්වභාවය අනුව). ඡන්ද මධ්‍යස්ථානෙක නං ඩියුටිය තියෙන්නෙ, කලිං දවසෙ හවස දෙක විතර වෙනකොට රාජකාරියට වාර්තා කරන්න ඕන. පිරිමි නිලධාරීන් මධ්‍යස්ථානයේ නැවතී ඉන්න ඕන කියල තමයි නීතියෙ තියෙන්නෙ. කිට්ටුව ඉන්න සමහරු රෑ වෙනකොට ගෙවල්වල ගියත් බොහොමයක්දෙනා රෑට මධ්‍යස්ථානෙ නවතින්න බලාගෙන එන්නෙ.

රාජකාරියට ඇවිල්ලා අත්සන් කරලා ඉවරවෙලා කරන්නෙ පසුදා අන්තිමට කරන්න ඕන වැඩවලින් කරන්න පුළුවන් ප්‍රමාණය ඉවරකරන එක. ඡන්ද පෙට්ටියත් එක්ක භාරදෙන්න ඕන කරන ලිපිලේඛණ ගොඩාක් තියනවා. මේ හැම එකක්ම එක එක කවර වල දාල දෙන්න තියෙන්නෙ. කවර වල අදාල කරුණු සටහන් කිරීම, පිරවීමට ඇති ආකෘතිපත්‍ර ආදියේ කොටස් පිරවීම වගේ දෙවල් තමයි කරන්නෙ. ඔය කියන වැඩ ටික අවසානයේ කාන්තා නිලධාරීන් ගෙවල්වල යනවා.

ඊට පස්සෙ තමයි හොදමහරිය තියෙන්නෙ. මෙතෙක් වෙලා එකට වැඩටික කරලා ඇතිකරගත් "ෆිට්එක" වර්ධනය කරගන්න තමයි පිරිමින්ගෙ ඊලග උත්සාහය. ආගිය තොරතුරු කතාබහ කරලා මාතෘකාවට එනවා.

"මොනවහරි කරනවද?"

ඔය ප්‍රශ්නයෙන් පස්සෙ කන බොන අය සල්ලි එකතුකරලා "බඩු" ගේන්න යනවා. ඉස්සර නං ගොඩක්දෙනා ඩියුටි යන්නෙම "ගලක්" බෑග්එකේ දාගෙන. දැං පරම්පරාව එහෙම නැත්තෙ එයාල හොද අය නිසාද එහෙමත් නැත්නං හැමතැනම බාර් තියන නිසාද කියල දන්නෙ නෑ. අනෙක මෙතනදී මේකට කාගෙවත් තහංචියකුත් නෑ. මොකද ඉස්කෝල ගොඩනැගිල්ලක හරි ප්‍රජාශාලාවක හරි ඡන්ද පෙට්ටිත් පරිස්සං කරගෙන, මදුරුවො තලමින් "අමුවෙන්" නිදාගන්නව කියනඑක ලේසි වැඩක් නෙවේනෙ. ඊටපස්සෙ ඉතින් වෙනදේ කියන්න ඕන නෑනෙ. අවසානයේ කස්ටිය එක අම්මගෙ දරුවො වගේ වෙනවා. මේකට බොහෝවිට ඡන්ද පෙට්ටි ආරක්ෂාවට ඉන්න පොලීසියෙ රාලහාමිලා දෙන්නත් සහභාගී වෙනවා.

ග්‍රාම නිලධාරී මහත්තයගෙ සහයෝගය මෙතනදී අතිශයින් වැදගත්. එයාගෙ මාර්ගයෙන් තමයි මයියොක්ක, දඩමස්, කිරිපැණි වගේ දේවල් ලැබෙන්නෙ. "තනි අකුරෙ බඩු" තියන පළාතක නං ඒවත් ලැබෙනවා. ග්‍රාම නිලධාරී මහත්තය කුම්මැහියෙක් හරි එහෙම නැත්තං ගමේ උදවියගෙ අප්‍රසාදයට පත්වෙච්ච කෙනෙක්හරි උනොත් සොරිම තමයි. ග්‍රාම නිලධාරිණියන් හිටියත් ටිකක් විතර අවුල් තමයි. ඒ වුනත් "දුක හදුනන" නිලධාරිණියන් ඕන තරම් ඉන්නවා.(මට මතකයි එක සැරයක් මේවගේ රාලහාමිනේ කෙනෙක් අපිට තම්බපු මයියොක්කයි ගල් බෝතලයකුයි ගෙනත් දුන්න).

බීම ඇරුනම මේවගේ තැන්වලදී නෑමත් ප්‍රධාන තැනක් ගන්නවා. දිය ඇල්ලක් ගගක් ඔයක් ... ආදී වශයෙන් "හොදට නාගන්න" පුළුවන් තැන් තිබුනොත් ඒවා ප්‍රයෝජනයට ගන්න අමතක කරන්නෙ නෑ.

ඡන්දෙ දවස ගැන කියනවනං "කටඇති පුතාල" හිටියොත් පාළුව මැකෙනවා ඇරෙන්න එදාට එහෙමකට ආතල් එකක් නෑ. "කාන්තා ඡන්ද පෝලිමේ" "සුලැගිල්ල පාටකිරීමේ" රාජකාරිය තමයි ටිකක්හරි හොද ඩියුටියකට තියෙන්නෙ. හතර උනාට පස්සෙ කවුරුත් ට්‍රයි කරන්නෙ ඉක්මනින් ගෙදර යන්න.

අවසානයේදී ඡන්දෙ ඉවරවෙලා ෆෝන් නම්බර් එහෙම ඉල්ලගෙන වෙන්වෙලා ගියත් ඊටපස්සෙ සම්බන්ධතා ඇතිවෙනව ගොඩක් අඩුයි කියලත් කියන්න ඔන.

Thursday, October 6, 2011

කවුද හිතුවෙ රුපියල් දෙදාහ ගනීවි කියල.....(හිනාවෙන්න නැත්නං අඩන්න!)

විශේෂ යමක් දාන්න කම්මැලියි. ඒ නිසා පුංච් කතාවක් දෙකක් දාන්න යන්නෙ.

දන්නව ඇතිනෙ එක එක්කෙනා සල්ලි තියාගන්න විදිය ගැන. පර්ස් එකේ, සාක්කුවේ වගේ එක එක තැන්වල සල්ලි දානවනේ. මට මතකයි මම දන්න සීය කෙනෙක් ඉන්නවා එයා සල්ලි දාන්නෙ අන්ඩර්වෙයාඑකේ තියන පුංචි සාක්කුවක් වගේ කොටසේ. කාන්තාවන් ගැන කතා කලොත් "එයාල සල්ලි දාන තැන් අතරෙ විශේෂ ස්ථානයක් තියනවා".(ඒ වාක්‍යයේ භාගයක් කියවගෙන එනකොට තැන මොකක්ද කියල තේරුනා නං නියම එල්.ඊ.ඩී. බල්බ්. තේරුනේම නැත්නං ටියුබ් ලයිට්:). මෙක කාන්තාවො දෙන්නෙක් අතරෙ ඇතිවෙච්ච කතාබහක්.

1වන කාන්තාව: මාර වැඩේනෙ උනේ, අද මහත්තයා බඩුගන්න රුපියල් දෙදාහක් දුන්න. ඒක පොකැට් ගහලනෙ.
2වන කාන්තාව: ඔය අතේ පර්ස් එක තියෙන්නෙ?
1වන කාන්තාව: නෑ නෑ සල්ලි තිබුනෙ හැට්ටෙ අස්සෙනෙ.
2වන කාන්තාව: ඉතිං ගන්නව දැනුනෙ නැද්ද?
1වන කාන්තාව: කවුද හිතුවෙ ඌ රුපියල් දෙදාහ ගනී කියල!

මේ සිද්ධිය මීට සතියකට විතර කලිං අපේ සෑම් අයියට සිද්ධවෙච්ච දෙයක්. සිද්ධිය වෙච්ච දවසෙ සෑම් අයිය මට මේක කිවුවෙ. මේකට හිනාවෙන්නද අඩන්නද කියල මට නං තේරෙන්නෙ නෑ.

සෑම් අයියගෙයි මගෙයි කතාව මෙහෙමයි.
මම: සෑම් අයිය කෑම ගෙනාවෙ නැද්ද?
සෑම් අයියා: මාර වැඩේනෙ උදේ සිද්ධවුනේ. ඒ වැඩෙන් මට අද කෑමත් නෑ.
මම: ඇයි මොකද?
සෑම් අයියා: රාජ් මහත්තය දන්නවද ...... ඉංග්‍රීසි සර් ඇතුලෙ කියලා.
මම: ඒ මොකද?

සෑම් අයියා: මිණිහා උගන්වන ගමන් ළමයින්ගෙ එක එක තැන් අල්ලලා ඒ ළමයි ගෙවල්වලට කියලා. අම්මලා තාත්තලා පොලිසියට කියලා ......සර් දැන් ඇතුලේ. ඔය සිද්ධිය අද උදේ මගේ නෝනයි දුවයි කතාවෙනව ඇහුනා. ඊට පස්සෙ දුව ඉස්කෝලෙ ගියාම නෝනා කියනවා, "...... සර් බැදලනේ, ඇයි මිණිස්සු මේවගේ දේවල් කරන්නෙ බැදලත්" කියලා. රාජ් මහත්තයෝ මටත් ඊයෙ රෑ ඇරියස් එකක් තිබුනා. මාත් ඇගටපතට නොදැනී නෝනට කිව්වා එහෙනං මාත් බැදලනේ....කියලා. නෝනට ඕකට තරහ ගිහිල්ල උයන එකත් නැවැත්තුවා. අද මට කෑමත් නෑ මහත්තයෝ....

Tuesday, October 4, 2011

පාපොච්චාරණය.......

සිසු පියාට මර්වින් පහර දෙයි (පුවතක්)
* * * * * * * * * * * * * * *
මහරාජගෙ කොටි සිරසයි....
ගණිකා පත්තර කරුවොයි....
බ්ලොග් ලියනා ද්‍රෝහීනුයි....
කඩවල් ලග,
ලිං බැමිවල,
බෝක්කු උඩ,
සංගම්වල .....
එක එකාල මොක කීවත්,
එතුමා මට කවදාවත්,
අත ඉස්සුවෙ නෑ යකුනේ....
අහගනිල්ල හොදට මේක,

මට ගහගත්තේ මංමයි.

Monday, October 3, 2011

විදුහල්පතිතුමාගෙ ටැලිකොමිනිකේසන් පාඩම.

මට මතක විදියට මේ සිද්ධිය වුනේ මං දෙකේ පංතියෙ ඉන්න කාලෙ. ඒ කාලෙ මම ගියේ අපේ ගමේ තිබුන 6 වසරට වෙනකන් පන්ති පැවැත්වුන ඉස්කෝලෙට. ඒ දවස්වල අපේ පන්තියට ඉගැන්නුවෙ එකම මිස් කෙනෙක්. එයා මුළු දවසෙම ඉගැන්නුවෙ අපට. මං මේ කියන සිද්ධිය වෙච්ච දවසේ අපේ මිස් නිවාඩුයි. අපිට එදා අවුරුද්ද වගේ. සිංදු කියනවා, හොරාපොලිස් කරනවා, කඩදාසි කොල ගුලිකරලා ගහනවා, තවත් සමහරු අංගම්පොර ක්‍රීඩාවෙ... ඔය සතුට වැඩිවෙලා පැවතුනේ නැත්තෙ ප්‍රින්සිපල්තුමා පන්තියට සැපත්වීමත් එක්ක. හැබැයි මෙහෙම දෙයක් තියනවා. ප්‍රින්සිපල්තුමා ආපු දවසට මාස ගානකට හරියන ආතල්එකක් දීලා තමයි යන්නෙ.

ඔය කියන දවසෙත් එතුමා ඇවිල්ල සුපුරුදු ප්‍රශ්නෙ වන "මිස් නැහැ නේද?" කියල අහල පුටුවෙ වාඩිවෙලා කතාව පටන්ගත්ත. එදා කතාකලේ ටෙලිෆෝනය ගැන. ඒකාලෙ දැං වගේ මොබයිල් තියා එස්.එල්.ටී. ෆෝන් එකක්වත් අපේ ගමහරියෙ තිබුනෙත් නෑ.

කොහොමහරි ප්‍රින්සිපල්ට ඕන උනේ වයර්එක දිගේ පණිවිඩේ යනහැටි පෙන්නන්න. ඒකට එතුමා අපූරු උපක්‍රමයක් පාවිච්චි කලා. ළමයිටික පන්තිය වටේ පේලියකට හැදුවෙ කොන්දෙක ගුරුමේසය දෙපැත්තෙන් අවසන්වෙන විදියට. ඊටපස්සෙ එක කොනක ඉන්න ළමයට සර් රහසින් වචනයක් කියනව. එයා ඊලග ළමයට ඒ වචනෙ රහසින් කියනව. ඔය විදියට අන්තිම ළමය කියන්න ඕන ප්‍රින්සිපල් කියපු වචනෙ මොකක්ද කියලා.

ඔන්න ඉස්සෙල්ලම ප්‍රින්සිපල් කිවුවා. කිවුවෙ "බල්ල පොල්කෑල්ලට පැන්න" කියලා.(හිනාවෙන්න එපා එයාගෙ වචන ඔයවගේ තමයි...:D)

අවුට්පුට් එක ආවෙ වෙන මොකක්දෝ කුණුහරුපයක්.(හරියට මතක නෑ)

ප්‍රින්සිපල්ගෙ ව්‍යායාමය සම්පූර්ණයෙන්ම වතුරෙ. ඇයි හත්දෙයියනේ කියපුඑක නෙවෙයිනෙ ආවෙ! ඒත් උන්නැහේ නෙවේ වැඩේ ඇතෑරියේ.

"හරි ඒ වාක්‍ය දිගවැඩියි. අපි පොඩි වචනයක් කියමු" කියලා.
ඊලගට කිවුවෙ "කටුස්සා" කියලා.
ඒකෙ අවුට්පුට් එක වුනේ "කටු කම්බිය"...:D

දැං ඉතිං මක්කොරන්නෙයි. ඊටපස්සෙ ට්‍රයිකලේ වරද සිද්ධවෙච්ච තැන හරියටම හොයාගැනීම. ඒකට පාවිච්චි කලේ එක එක ළමයගෙන්, තමන්ට කලිං ලමය කිවුවෙ මොකක්ද කියල අහනඑක. වැඩේ කියන්නෙ දෙතුන්දෙනෙකුගෙන් අහගෙන යනකොට සර්ට ඒකත් එපාවුනා. කොහොම උනත්,

"හරි ඔන්න ඔය විදියට තමයි වයර්එක දිගේ පනිවිඩේ යන්නෙ" කියලා ප්‍රින්සිපල් තුමා යන්න ගියා.