Friday, November 11, 2016

අයවැයට අමුඩ ගහන්නේ මෙහෙමයි!

අයවැයත් ආව. අයවැයෙන් ලැබුන සහන සහ අසහන කලමනාකරණය කරගැනීම මේ අවස්ථාවේ සෑහෙන්න වැදගත් කියල හිතෙනව. ඒ සඳහා මේ වගේ යෝජනා ටිකක් කරන්න කැමතියි.

ගමනාගමනය
අද කාලෙ හුඟ දෙනෙකුට‍ වාහන තියනව. අඩු ගානෙ බයික් එකක්වත් තියනව. අවම දඩය රුපියල් දෙදාස් පන්සීයට ඉස්සුව නිසා-ඇත්තටම තැපැල් කන්තෝරුවට ගන්න සීයට දහයත් එක්ක මේ ගාන දෙදාස් හත්සිය පනහක්-බොහොම ප්‍රවෙශමෙන් පාරෙ යන්න ඕන. කොටිම්ම ජීවිතේ බේරගන්නවට වැඩිය වැදගත් සුදු ඉර-ඩබල් ඉර-කහඉර බේරාගෙන පාරෙ යාම. වැරදිලා හරි දඩේකට අහුවුනොත් යාප්පුවෙන් බේරාගැනීම, දඩයක් වෙනුවට සන්තෝසමක් දීල ට්‍රැෆික් රාලහාමි සන්තෝස කිරීම වගේ දෙයක් කරන්න පුළුවන්. ගානෙ හැටියට අරක්කු බෝතලයක් දුන්නත් පාඩු නෑ. ඊට අමතරව කඩ්ඩ ටිකක් ඉගනගැනීමෙන් පුළුවන්, එංගලන්තෙ ඉඳල ලඟදි ආපු කෙනෙක් විදියට ඇක්ට් කරල ට්‍රැෆික් මහත්වරු බයකරගන්න.
අධිවේගී මාර්ගයේ ඕෆ්පීක් ටයිම් ගාස්තු අඩුවීමෙන් ප්‍රයෝජන ගන්න රෑ නවය-උදේ පහ අතර කාලයේ ගමන් ගියාම හරි.

අධ්‍යපනය සහ ණය
ඒ ලෙවෙල්වලින් කැම්පස් යන්න බැරි අයට ලක්ෂ අටක ලෝන් එකක් දෙන එක මේ අවස්තාවෙ හැටියට සෑහෙන්න වටිනව. ලක්ස අටක් කියන්නෙ කජු ඇටද කොස් ඇටද නේද? මේක ගන්න නං ඉසෙඩ් ඉස්කෝර් එක ටිකක් වැඩිපුර තියෙන්න විභාගෙ ෆේල්වෙන්න වෙනව. කැම්පස් ගියා කියලත් වගතුවක් නැති එකේ ගෙවල්වල ඉන්න ළමයි, විභාග පේල් කරගන්න දිරිගැන්වීම හොඳ දෙයක්.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට දෙන ණය මුදල ලබාගැනීමට මොකක්හරි පත්තර කඩමාල්ලක හරි රේඩියෝ චැනල් එකක හරි මාධ්‍යවේදියෙක් වුනා නං හරි.

ඉන්ටනෙට්
අන්තර්ජාල සම්බන්ධතා ගාස්තු වැඩිකිරීම නිසා ඉන්ටනෙට් යන්න බැරිවීමේ පාඩුව පියවගන්න ෆ්‍රී වයිෆයි කලාපෙකට සෙට්වුනා නං හරි. මෙගාබයිට්ම සීයක් කියන්නෙ කොච්චරද නේ? ඊට අමතරව අන්තර්ජාලයෙන් සල්ලිකාර නෝනලා මහත්වරු ටිකක් සෙට්කරගන්න පුළුවන් නං අපේ කොල්ලන්ට කෙල්ලන්ටත් ඩේටා ප්‍රශ්නය ලොකු අවුලක් නැතිවෙයි නේද?

ටැබ්
අන්තර්ජාල ගාස්තු වැඩිවුනාට පාසල් සිසුන්ට, ගුරුවරුන්ට ටැබ් දෙන්න ආණ්ඩුව තීරණය කරල තියනව. හොයල බැලුවම අලුතෙන් දෙන්න යන ටැබ්වල තියන තාක්ෂණය නිසා සමාගම්වලට බදු ගෙවන්න ඕන නෑ. සිම්එකක් නැතුව කෙලිංම ඉන්ටනෙට් යන්න පුළුවන්. ෆුල් ටච් ස්ක්‍රීන්. මෙන්න බලන්න බොරු නං....


විශ්‍රාමිකයන්
විශ්‍රාමිකයන්ට දෙන අග්‍රහාර රක්ෂණය ජීවිත කාලෙටම දෙන්න තීරණය කරල තියනව.(දැනට දෙන්නෙ හැත්තෑව වෙනකල් විතරයි) ඉතිං ඒක ගන්න අවුරුදු හැත්තෑවෙන් පස්සෙත් මැරෙන්නෙ නැතුව ඉන්න හිතාගත්තම හරි.

කුස්සිය සහ කෑම
මේකනෙ වැදගත්ම දේ. අඩුවෙච්ච දේවල් තමයි පරිප්පු, මුංඇට, සීනි, හාල්මැස්සො, ගෑස්, ලාම්පු තෙල් වගේ දේවල්. ඉතිං උදේ ආහාරය සඳහා මුං ඇටත්, දවල්ට පරිප්පු සහ හාල්මැස්සොත්, රෑට අලත් යොදාගැනීමෙන් සෑහෙන ඉතිරියක් කරගන්න පුළුවන්. තෙම්පරාදු කිරීමේ කටයුතුවලට පොල්තෙල්/එලවලුතෙල් වෙනු‍වට ලාම්පු තෙල් යොදාගැනීමත් මුදල් ඉතිරිකරගන්න හොඳ උපක්‍රමයතක්.

බැරිම තැන
ඔය කියපු එකකින්වත් පොකැට්ටුවෙ බර වැඩිවෙන්නෙ නැත්තා කරන්න තියෙන්නෙ මෙච්චරයි.
ටොයියන්ට : අනේ ඉතිං අපිම පත්කරපු ආණ්ඩුවනෙ. ඒ කරුමෙ ගෙවලම ඉවර කරන්න එපැයි
බයියනිට : අපි කිව්ව නේද ඕක වෙයි කියල ඇද්ද ඇද්ද ඇද්ද.......

මෙවර අයවැය ජනතා ආදර්ශ පාඨය : ළූණු බිකත් බඩට!

29 comments:

  1. පගාවට අරක්කු බෝතලය දීමහැර අන් සියල්ල අනුමත කරමි.

    ReplyDelete
    Replies
    1. ඇයි වැඩිද? වරද බරපතල නං?

      Delete
    2. නෑ දැන් දඩේ ගෙවන එක ඊට වඩා ලාබයි මයෙ හිතේ. දැන් ගල් බෝතලයක් කීයද. අනික ඕක දීලා ගෙදර ඇවිල්ලත් හූල්ලන්න ඕන.

      Delete
    3. ඒකත් ඇත්ත.
      පොඩි වෙනසයි.

      Delete
  2. ටැබ් සහ ස්ටයිලස් එක ගැන මා ලියූ වැකි කිහිපයක් මෙන්න.

    /* එදා හෝඩියේ පන්තියේ දී අප අකුරු ලීවේ, චිත්‍ර ඇන්දේ ගල්ලෑල්ල නම්, මෙකල ඇති "අයි-පෑඩ්" යනාදී ඉලෙක්ට්‍රොනික මෙවලමේ මුල් අදියරේ උපකරනක් මත, ගල්කූර නමැති, මෙකල "ස්ටයිලස්" නමින් හැඳින්වෙන මෙවලමේ මුල් අදියරේ, උපකරනයෙනි. ඉලෙක්ට්‍රොනික පෑඩයක් මත ස්ටයිලසයකින් රේඛා චිත්‍රයක් ඇඳීම පහසු වැඩකි. නිසි උපදෙස් ලද විට, එවැනි චිත්‍ර අපට එකල ගල්ලෑලි මත ගල්කූරෙන් ඇඳිය හැකි විය. */

    ලිපිය මෙතැනින් කියවන්න.
    https://rasikalogy.blogspot.com/2016/11/how-to-draw-umbrella.html

    KDKVIG.

    ReplyDelete
    Replies
    1. කියෙව්ව. කමෙන්ටුවක් දාන්න තැනක් අහුවුනේ නැති නිසා පින්තූරෙ ඉස්සුව

      Delete
  3. මාර්ග අනතුරු දඩ වැඩි කිරීමෙන් අදාල ආදායම ඉහළ නැංවෙයි කියල ද පුරෝකතනය කළේ? ඒ කියන්නේ දඩ ගැහුවත්, වැරදි කිරීම එසේම පවතීය කියා රජය බලාපොරොත්තු වෙනවා ද?

    ඉතිං, ආණ්ඩු විරෝධීන්ට කරන්න තියෙන්නේ මහා විරෝධතා ව්‍යාපාරයක් අරඹන්න මාර්ග නීති අකුරටම රැක ගනිමින් ආණ්ඩුවට යන දඩ මුදල් ආදායම නැති කරළා දාන්න.

    හැබැයි, එහෙම වුනොත්, ටොයියන් එකතු වෙලා, මාර්ග නීති කඩන ව්‍යාපාරයක් අරඹයි ද මන්දා?

    ReplyDelete
    Replies
    1. ඒ වගේ නේ? මට නං අදාල නෑ. මම මාර්ග නීතියටම යන මනුස්සය :-)

      Delete
  4. ගෑස් අඩු කරපු එක කසිප්පු පෙරන එවුවංට කොච්චර ලාබයක්ද බං. දේශීය දේ අගයමු. ගන්න අපේ දේ.

    රසිකගෙ ටැබ් එක ඉස්සීම හෙලා දකිමි.

    ReplyDelete
    Replies
    1. ගෑස්වලින්ද පෙරන්නෙ?

      Delete
    2. ඇයි ඔහේ පත්තරේවත් දැක්කෙ නැද්ද හිටං.

      Delete
    3. නෑනෙ. ලංකාව සෑහෙන්න දියුණුයි අපි පත්තර බලන්නැතිවුනාට

      Delete
  5. //තෙම්පරාදු කිරීමේ කටයුතුවලට පොල්තෙල්/එලවලුතෙල් වෙනු‍වට ලාම්පු තෙල් යොදාගැනීමත් මුදල් ඉතිරිකරගන්න හොඳ උපක්‍රමයතක්// ++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  6. අයවැය බොහොම සරලයි .'අය' ආණ්ඩුවේ , 'වැය' ජනතාවගේ.

    ReplyDelete
  7. උපාධිදාරීන්ට මිලියන 1.5ක ණය දෙන්න මිලියන 150ක් වෙන් කරනවලු.මේකෙ සිංහල මට තේරෙන්නැද්ද නැත්තං ලංකාවෙ උපාධිදාරියෝ ඉන්නෙ 100ක් ද? අනේ මන්දා කොයිල් වගේ.

    ReplyDelete
    Replies
    1. මේවගේ ප්‍රශ්ණයක් මම තව තැනක දැක්ක. ඒකතමයි 15,000 කට ලක්ෂ 8 ක අධ්‍යාපන ණයක් දෙන්න වියදම හැටියට පෙන්නල තියෙන්නෙ රුපියල් මිලියන 300 යි. මේක ගැන කිව්වොත් ඔය ප්‍රශ්ණෙටත් පිළිතුරක් ලැබෙයි. ලක්ෂ 8 ක ලෝන් එක දෙන්නෙ අවුරුද්දකට ලක්ෂ 2 ක් වශයෙන්. අවුරුදු 4 ක පාඨමාලවක් පටන් ගන්නකොටම අවෘරුදු 4 ම සල්ලි එකපාර දෙන්න ඕන නැහැනෙ. එතකොට මේක දෙන්නෙ ආණ්ඩුවේ බැංකුවකින් හෝ ඒකටම පිහිටවපු ආයතනයකින්. මේණයට පොලිය 10% ක් කියල හිතමු. මේ පොලිය ආන්ඩුවෙන් දරණවා. එතකොට එක ලමයෙකුට පලෞඅ අවුරුද්දෙ වියදම රුපියල් 20,000/= යි. ළමයි 15,000 කට මිලියන් 300 යි. එන අවුරුද්දෙ තව ලමයි 15,000 ක් නිසා එන අවෘද්දට මිලියන 600 ක් වියදම් කරන්න වෙනවා. මේක උපරිමය මිලියන 1,200. ඉගෙන ගත්තයින් පස්සෙ කාලයටත් පොලී සහනය ලැබෙනවද කියන එක පැහැදිලි නැහැ. එහෙම වුනොත් මිලියන් 1,200 ට වැඩි වෙනවා.

      Delete
    2. ඉයන් ඔයා දැක්කේ නැත්ද? ලංකා නිව්ස් වෙබ් එක තියෙනවා මහින්ද රවීගේ කල්කුලේටරේට ගුරුකමක් කරලලු. එකලු මේ ගණන් වල හුටපට. ගුරුකම කරපු මිනිහම ගුරුකම කරනවා රෙකොර්ඩ් කරලලු. රවී මේක ඉන්දියාවේ පොලිසියටයි, එෆ්. බි. අයි. එකටයි, ස්කොට්ලන්ඩ්යාර්ඩ් එකටයි කියල. හැබැයි කට්ටිය යනකොට ගුරුකම කරපු මිනිහ හැනගිලාලු. ඔන්න ඔහොමලු මහින්ද, රවියි ආණ්ඩුවයි ජනතාවට සහන දෙන්න හිටපුව වැලක්වුවේ. මමත් මේ එන්සින අක්කයි දයාවතී අක්කයි කතාවෙනව ඇහුන එවයි කිව්වේ.

      Delete
    3. බොහොම ස්තූතියි අබිලින් ගොයියො පණිවිඩේට

      Delete
  8. අයවැය ආවද හැබෑට????

    ReplyDelete
  9. අම්මපා මේ රාජ් කියන එකා මහා කුහකයෙක්. ඇයි ඕයි, මාසේ බඩුමිල රු 100 කින් විතර අඩුකරලා දුන්නට පස්සෙත්, බලමුකෝ ඒ උත්තමයාට මුන් කියන අලුගුත්තේරු කතා.

    දඩේ වෙනුවට බෝතලයක් දෙන්න? පිස්සුද? බෝතලේකුත් 2200 ක් විතර වෙයි.

    ReplyDelete
  10. මාර්ග නීති අකුරටම පිළිපදින එක කරන්න පුලුවං. හැබැයි වැලි ටිපර්, තෙල් බවුසර් ආදී මරාල නැත්තං.

    ReplyDelete
  11. මෙන්න උණු උණු පුවත්!

    චතුෂ තුෂර කුමාර නලින් ද සිල්වා ෆේස් බුක් එකෙන් එළවයි!

    මුහුණු පොතෙන් ඉවත්වීම

    ඔබට ස්තූතියි, චතුෂ තුෂර කුමාර මහතානෙනි මේ නාකි මැන්ටලයෙන් අප ගලවා දීම පිළිබඳව!

    ඔබට වෙලාව තිබේ නම් එළවා දැමිය යුතු තව මැන්ටල් කිහිපයක්ම තිබේ.

    ReplyDelete
  12. හරිම වාසනාවන්ත අයවැයක්.
    අදෝමැයි

    ReplyDelete
  13. ගියපාර අයවැය ගැන මම කථා 32 අඩවියේ "පොඩි එකාගෙ ලියුම' කියලා ලිපියක් ලියුවා. මේ පාර මගේ බ්ලොග් එකේ ලිපියක් දානවා කියලයි හිතාගේන උන්නේ.
    පස්සේ හිතුනා ඕනේ නැහැ කියලා...
    අර ඉන්ටෙර්නෙට් ඕනේ නැති ටැබ් එකේ අදහස නම් මරේ මරු !

    ReplyDelete
  14. මේකේ අර හොල්මන් කෑල්ලක් තියෙනවා කිව්වා..... ඒක උඹට අහුවුණේ නැද්ද,,,,,,,?? මාත් තාම හොයනවා බං......

    ReplyDelete
  15. ඉන්ටෙර්නෙට් ගාස්තු වැඩි කෙරුවේ සයිබරේ අයියලා ගිය ආණ්ඩුව වගේ මේ ආණ්ඩුවත් පෙරලයි කියලා බයේ.

    ReplyDelete
  16. අර ටැබ් එකනම් සුපිරියි වගේ......

    ReplyDelete
  17. අයවැයෙන් කිසියම් දියුණුවක් ඇති කරනවනම් , රස්සා ලැබෙනවා නම් ඒක හොන්ඩ අයවැයක් බදු මිල කොපමණ වැඩි වුනත්. නමුත් මට මේ අයවැයේ එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ. අරඅධිවේගී මාර්ග හැදුවොත් රස්සා ටිකක් හැදේවි චීනුන්ට ගිය ආණ්ඩුවේ වගේ. ටැබ් සපයන කම්පනියේ රස්සා වැඩි වෙයි. දෙන මන්ත්‍රීගේ කොමිස් වැඩි වෙයි. වෙන මොනවා හරි තියනවද ?

    ReplyDelete