Thursday, July 23, 2015

පරෙස්සම!

නගරයෙ ඉන්න මනුස්සයෙක් ගමේ ඉන්න තමුන්ගෙ හොඳ යාළුවෙක් මුනගැහෙන්න ගියා. ගමට ආවට පස්සෙ ඉතිං ගමේ අත්දැකීමක් වෙච්ච දඩයමේ යන්න මෑන්ට ඕනවුනා. දඩයමේ යන්න කලින් ගමේ යාළුව අරූට මෙහෙම උපදෙසක් දුන්න.

"උඹ ආවට කමක් නෑ.... මොන දේ උනත් සද්ද කරන්න එපා.... එහෙම උනොත් දඩයමක් කරගන්න ලැ‍බෙන්නෙ නෑ"

ඔය උපදේශයෙන් පස්සෙ දෙන්න එක්ක කැලේ ටික දුරක් ගියා. ගමේ යාළුව ඉස්සරහින් යනව තුවක්කුවත් මානගෙන. නගරෙ එකා පස්සෙන් යනව. ටික දුරක් ගියා විතරයි නගරෙ යාළුව කෑගහන්න ගත්ත. යාළුවගෙ දෝශාරෝපනයට උත්තරේ විදියට එයා කිව්වෙ මේකයි.

"මචං, මම උඹ කියපු විදියට සද්ද කරන්නෙ නැතුව ආවෙ.... උඹ දන්නෑ බං.... අපි ටිකක් එද්දි කොටියෙක් කුරුමානං අල්ල අල්ල මගේ පස්සෙන් ආව මම කෑගහන්නෙ නැතුව හිටිය, තව ටිකක් එද්දි පොළ‍ෙඟෙක් පැන්න කකුලට දෂ්ඨ කරන්න.... මම ඒත් කෑගැහුවෙ නෑ.... දැං ටිකකට කලිං පොඩි ලේන්නු දෙන්නෙක් මගේ කලිසම අස්සට රිංගල කතාවෙනව.... එකෙක් කියනව දැං කමු කියල අනිත් එකා කියනව ගෙදර ගෙනිහිං කමු කියල.... උඹ කියනව කෑගහන්නෙ නැතුව ඉඳපං කියල!"

**********************************************************

ඔන්න තවත් ගමේ යාළුවෙක් නගරෙට ගියා. දඩයමටත් වැඩිය බරපතල වැඩකට. ඒ යාළුවටත් උපදෙස් ලැබිල තිබුන 'පරෙස්සම් වෙන්න' කියල. නමුත් හරිගියේ නෑ. මෑන් අන්තිමට කිව්වෙ මෙහෙමයි.

"උං ඉස්සෙල්ලම මගේ රජකම ගත්ත.... ඊට පස්සෙ මල්ලිලා ලඟයි පුතා ලඟයි තිබුන යුවරජකම් ගත්ත..... මහඇමතිකම ගන්න කියල හදනකොට ඒකත් දෙන්නෙ නෑ කිව්ව.... අන්තිමට මගේ බෝල දෙකත් ගන්න හැදුව ඕයි.... උඹල කියනව මෙතන රාජතාන්ත්‍රික වෙන්න කියල!"

25 comments:

  1. රාජ් සර්, හරිම විනෝද කතාවක් සර්. කියවා විනෝද වුණෙමි. අගය කරමි සර්.

    ReplyDelete
  2. ඒ මදිවට මගේ අතක් මිරිකන්න එකෙක් දාලා තව ඩිංගෙක් මට අහවල් තැනිනුත් කදුලු පනිනවා..

    ReplyDelete
  3. විහිලු අයින් කරලා බැලුවොත් මෙතැන වෙලා තියෙන්නෙ කවුරු හරි හොඳටම මෝල තද වෙච්චි පොරක් මහින්ද රාජපක්ෂ මහත්තයට sexual harrasement එකක් කරන්න තැත් කිරීම. මහින්ද වගේ නාකි හැඩි දැඩි පිරිමින්ට ලිංගික අතවර කරන්න ඕනෑ වෙන්නෙ කාටද කියලා අහන්න එපා එහෙම පිරිස් ඉන්නවා. අනෙක මහින්ද රාජපක්ෂ කියන්නෙ මාධ්‍ය වලින් නිතර ප්‍රමෝට් කරන sex symbol එකක්. මිනිස්සුන්ගෙ මානසිකත්වය ඒවා අනුව වෙනස් වෙනවා. මහින්දට කරන්නෙ මොකද්ද තේරුණා. එයාගෙ hetrosexual mind එක එකපාරටම ක්‍රියාකාරී වෙලා ඊට ප්‍රතිචාර දැක්වුවා. බස් එකක ජැකකට භාජනය වෙන victim කෙනෙක් හැසිරෙන්නෙත් මේ වගේමයි. හැබැයි මොනවා වුණත් මහින්ද රාජපක්ෂ මහත්තයට වුණත් ලිංගික අතවර කිරීම හෙළා දැකිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. True true!! Look after your Appachchi before more 'harassment' comes on election day hikis....

      Delete
  4. This is a response to your previous post. Please let me post it here.
    ඔබේ අදහස් වලට එකඟයි. එහෙත් මේ දේ ගැනත් හිතන්න. අද අපේ රටේ ප්‍රධානම ප්‍රශ්ණ වලට ඉක්මණින් සහ නිවැරදි විසඳුම් දිය හැක්කේ මොන පක්ශයටද? බැඳුම්කර සිද්ධිය පැහැදිලි මදි බව මම පිලිගනිමි. එහෙත් එම සිද්ධිය මත රටේ තිබෙන අවුරුදු ගානක් නොවිසඳුන ප්‍රශ්ණ විසදීමට නොහැකි අයකු හෝ එම ප්‍රශ්ණ වැඩි කිරීමට උත්සාහ කරන අයකු පැමිනීමේ සම්භාවිතාව තවමත් පවතිනවා නේද?.

    අපේ අද ඇති ප්‍රධානම ප්‍රශ්ණ.
    සැප්තැම්බර පැවැත්වෙන එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් රැස්වීමේදී දැට තිබෙන වාර්ථාව ඉදිරිපත් වීම සහ ඒසමබ පැමිනිය හැකි බටහිර ආර්ථික සම්භාදක.
    මෙරටදී උසස් අධ්‍යාපන අවස්ථා
    මෙරටදී රැකියාවල්
    දරා ගත නොහැකි දේශීය සහ විදේශීය ණය

    මේවා සියල්ලම සඳහා ඉක්මණින් විසඳුම් සෙවීමේ වැඩ පිලිවෙලක් එක්සත් ජාතික පක්ශයට ඇත.

    මිනිසුන්ගේ බුද්ධි මට්ටම සහ ග්‍රහණය කර ගැනීමේ හැකියාවන් වැනි දේ නිසා එක්සත් ජාතික පක්ශයේ චන්ද ප්‍රමාණය ලක්ශ 47 ට වැඩි නොවේ. මහින්ද ගිය මැතිවරණයේදී ගත් චන්ද 58 ලක්ශ 10 කින් අඩුවූවත් ඔහුට සෑහෙන චන්ද ප්‍රමාණයක් ලැබීමට ඉඩ ඇත. එම අඩුවන චන්ද එක්සත් ජාතික පක්ශයට ලැබේ යැයි සිතිය නොහැක. මහින්ද හා එක්සත් ජාතික පක්ශය අතර පරතරය කුඩා නම් 18 සංශෝධනය අවස්ථාවේ කල පරිදි මුදලට මන්ත්‍රීවරුන් බිලිබා ගත හැක.

    අදට රටට අව්ශ්‍ය එක්සත් ජාතික පක්ශ රජයක් සහ ජනතා විමුක්ති පෙරමුණේ විපක්ශයක් කියන දේ 100% නිවැරදිය. එහෙත් සිදුවිය යුත්තේ විරුද්ධ පක්ශය මහින්ද නොව ජනතා විමුක්ති පෙරමුණ වීමයි. එයට විසඳුම එක්සත් ජාතික පක්ශයට ලැබිය හැකි ඔබ වැනි චන්ද ඉන් ඉවත් වීම නොවේ.

    ReplyDelete
    Replies
    1. දැවෙන ප්‍රශ්න වලට ලිංගික අතවරද එක් කළ යුතුයි. මේ රටේ හිටපු ජනාධිපතිවරයෙක් පවා ලිංගික අතවර වලට ලක් වෙනවා නම් සාමාන්‍ය ජනතාව ගැන මොන කතාද?

      Delete
  5. හොරා
    සිවුරු හොරා
    සුදු රෙදි හොරා
    බෝල හොරා

    ReplyDelete
  6. ඔච්චර අනතුරු තියෙන අප්පච්චි දරුකැක්කුම වෙනුවෙන් තමයි ඔහෝම දරුවන් අතරට යන්නේ.ඔය දරුවෝ අතරේත් ඉන්නවා නොව අප්ප්චිලාට වුනත් ගහන අසම්මජාතියෝ.

    ReplyDelete
  7. උඩ කතාවට නම් හොඳට හිනා උනා ....

    ReplyDelete
  8. මං කල්පනා කරේ රාජ් ට ඡන්ද රාජකාරී වලට කතා කරනවද නැද්ද කියලා.. හැක්.

    ReplyDelete
  9. ඒත් පරිස්සම් වෙන්න....... මං කිව්වේ ලොක්කාගෙන් ජනතාවට පරිස්සම් වෙන්න කියලයි

    ReplyDelete
  10. තමුන්නෙ ආරස්සාව තමුන්ම බලාගන්නඕනෙ..කියලා පප්පා කිව්වෙ එයාගෙ පාරෙ යන අයටනෙ..

    ReplyDelete
  11. කවුරු කළත් මාර කැත වැඩක් මචෝ...

    ReplyDelete
    Replies
    1. මොකෑ පේන්න නැත්තෙ?

      Delete
  12. හෑ...! මහරජ‍ාගෙ තුනෙන් දෙක ගන්නද ගිහිං තියෙන්නෙ?

    ReplyDelete
  13. පව් කියලා හිතුනා. මේ මනුස්සයා කරේ තියාගෙන යන එවුන් තමා වැඩිමනක්ම හානීකරන්නේ

    ReplyDelete
  14. ඒ මනුස්සයා ආත්මාරක්ෂාවට දැඟලුවෙ ඕවා බේරගන්න.

    ReplyDelete
  15. බෝල ගන්න නෙවේ හදලා තියෙන්නේ.

    'අප්පොච්චි, ඔය රත්තරන් වශී බොලේ අර අල්ලපු රත්තරං වලින්ද හදලා තියෙන්නේ? කෝ දෙන්ඩකෝ මටත් ටිකක් බලන්ඩ' කියලා කිව්වා විතරයි.

    ReplyDelete
    Replies
    1. සර්, හරිම විනෝද කතාවක් සර්. කියවා විනෝද වුණෙමි. අගය කරමි සර්.

      Delete
    2. බොහොම ස්තුතියි ඇනෝ.

      Delete
    3. බොහොම ස්තුතියි සර්.

      Delete
  16. හරිම නරකයි හරිම නරකයි රාජ් අය්ය
    හිහි අර අහිංසක මනුස්සයට තව කීයක් හරි ගහගන්නෙ දෙන්නෙ නැතිව කියන ජාති ඈ

    ReplyDelete
  17. ඉන්දියාවෙ ඇමරිකාවෙ වුනත් නළුවන්ට ඔය තර්ජනය තියනවා. ෆෑන්ස්ල හදන්නෙම අල්ලන්න මිරිකන්න අදින්න.
    දැන් අපිට ඉන්න හොඳම නළුවට එහෙම වුන එක පුදුමයක්ද?
    හැබැයි ඒ රටවල ෆෑන්ස්ලට ගහන්නෙ බොඩිගාඩ්ස්ල.
    මෙහෙ බොඩිගාඩ් තල්ලුකරන්නෙ නළුවව

    ReplyDelete
  18. රාජ්,
    එයාලට එහෙම ඊගෝ එකක් හදලා දුන්නේ අපිම නෙමෙයිද?
    අපි ඔය ගැන පැය විසි හතරක්ම කතා කලා .
    පුද්ගල වන්දනාකරණයෙන් කරන නරකම දේ මෙන්න මේ වගේ වෙන එක.
    මේක මහින්ද හෝ තනි කෙනෙකුට නෙමෙයි කොහෙත් අන්තිමට වෙන්නේ ඕක. අපි හැමෝම හොඳ නරක දෙකම විවේචනය කරලා පුද්ගලයෝන්ට ගරු කරන්න වීරයෝ කරගන්න පුරුදු වුනා නම් මෙහෙම වෙන්නේ නෑ නේ?

    ReplyDelete
  19. විහිලු කතාවක් පාට තිබ්බට විහිළු නෙමේ වගේ... ඔව් ඔව් පොලිටික්ස්,,, මේ ඒ කතාව ඇත්තද අප්පා,, ඊයා මාතලන් ගේ පෝස්ට් එකේ තිබ්බ එක ජෝක් එකක් කියලා හිතුවේ,, එහෙම අල්ලන්න ගිහින්ද කවුරුහරි

    ReplyDelete