Tuesday, July 7, 2015

යහපාලන සන්ධානය [සුජීව කොකාවල]

ජාතික හෙළ උරුමය විසින් ගොඩනඟන නව සන්ධානය පිළිබඳ සුජීව කොකාවල විසින් වත්පොතේ තැබූ සටහනකි මේ.

යහපාලන සන්ධානය මහලොකු දේශපාලන ප්‍රවාහයක් නොවේ. තනිව ඉල්ලා ආසනය දෙක ගන්නා කණ්ඩායම් කීපයක් එකතු වී ඇත. එහෙත් ඔහුන් වර්තමාන දේශපාලනයේ පුරවන හිඩැස විශාලය.

මෛත්‍රීගේ ජයග්‍රහණයට වචන දෙතුන් සීයක් නාස්ති කලේ රනිල්ට බලය දෙන්නට හෝ මහින්ද යළි කැඳවන්නට නොවේ. ඒ එක්ස්පයර්ඩ් දේශපාලන විනාශයන් දෙකට තෙවැනි බලවේගයක් සපයන්නටයි. මෛත්‍රී චන්දය ඉල්ලද්දීත් ඒ හිඩැස තිබුණි. එය පුරවන්නට "පවතින දේශපාලන ක්‍රමයට" අංශක අනූවකින් හැරුණු ජවිපෙට බැරිය [ජවිපෙ යනු අප වෙන දෙන්න එකක් නැතිවිට අපේ චන්දය අපතේ නොයවන්න ගහන අපේ කේන්තියෙ ප්‍රකාශනයක් පමණි]. ජයගත් මොහොතේ මෛත්‍රීට ඒ සඳහා ඉඩ තිබුණු නමුත් ඔහු දිගටම එජාපය රැකීමට හා ශ්‍රීලනිපය වැනසීමට කටයුතු කළේය. එවැනි තත්වයක බලතුලනය උදෙසා රනිල් නොකවුට් කිරීම සහ මහින්ද නැවත ගෙන්නීම හැරෙන්නට ශ්‍රීලනිපයට වෙන ඔප්ෂන් එකක් තිබ්බේ නැත. අද මහින්ද එක්ක නැගිටින්න යන ශ්‍රීලනිප නායකයින් එදා ඔහුට බායි කියූ අයයි. ඒ වෙනස කලේ ජයග්‍රහණයෙන් පසු මෝඩ දේශපාලන කුනුමුලු වල කීමට මෛත්‍රී කල බූරුවැඩ නිසාය. ඒ කතාව අපි සිය දහස් වරක් කීවෙමු [කොච්චාර කිව්වත් ඒ හානිය ඉවර වන්නේ නැති එක වෙනම එකකි]. එහෙත් යහපත් දේශපාලනයකට ලංකාවේ පවතී හිඩැස එසේම පවතියි.

යහපාලන සන්ධානය හැරෙන්නේ කොහාටද යන්නෙන් මේ දැවැන්ත හිඩැස පිරවීමට ඔවුන්ගේ ශක්‍යතාවය ගැන අපට කියවීමක් ලැබෙනු ඇත. එය ජාතික හෙළ උරුමය සහ චම්පික රණවක යන ජාතිකවාදී සම්ප්‍රදාය තුල ගිලේ නම් එයට මේ දේශපාලන අවශ්‍යතාවය ඉටු කල හැකි නොවේ. එහෙත් ඒ ප්‍රවාහයට මාක්ස්වාදය ජාතිකවාදය වැනි පටු රාමුවක සිර නොවී, ඇත්තෙන්ම යහපාලන අවශ්‍යතාවය වෙනුවෙන් මෛත්‍රීට චන්දය දුන් පිරිස පොදුවේ එකතු කරගත හැකිනම් මේ හිඩැස පිරවීමට දීර්ඝ කාලින හැකියාවක් පවතියි. මේ පිරිසේ ලොකු කුට්ටිය පක්ෂයක් නොමැති එහෙත් යහපාලන අවශ්‍යතාවය දකින පාවෙන චන්ද දායක ප්‍රජාවයි.

දිගින් දිගටම කතාකරන යහපාලනයක අවශ්‍යතාවය වෙනුවෙන් සැදුනු දේශපාලන හිඩැස විශාල එකකි. එය කෙතරම් විශාලද යන්නට මට දිය හැකි හොඳම උදාහරණය නම් මහින්දගේ රජයේ එක ලෝක හොරෙකු වන බැසිල් අත්අඩංගුවට ගන්නත් පෙර රනිල්ගේ රජයේ එක ලෝක හොරෙකු වන මහේන්ද්‍රන් ගේම දී හමාරය. ඊට ටික දිනකට පසු රනිල්ගේ හොර කල්ලියේ පැරණි හොරෙකු වන රවී නිදහස් විය. මේ ඒ මොහොතේ පැවති දේශපාලන විකල්ප දෙකෙහි හැසිරීමයි.

යහපාලන සන්ධානය මේවා පුරවයිද, චම්පිකගේ ජාතිකවාදයේ ගමනට දායක වන තවත් එක අන්තවාදී කල්ලියක් වේවිද කියා නොදනිමු. එහෙත් ඔවුන් මහලොකු ආසන ගණනක් නොදිනනු ඇත. හෙට දවසට අවශ්‍ය වනුයේ ආසන බරගානක් දිනන තෙම්පරාදු නායකයින් නොව, අලුත් සම්ප්‍රදායක් හදාගන්න පුළුල් දේශපාලන මතවාද පරාසයක සංවාදයකි.

දැනට ඔවුන් තනිව ඉල්ලීම හරහා වර්තමානයේ ඉක්මනින්ම ගෙදර යැවිය යුතු රනිල්ගේ ආසන කුට්ටියෙන් කීපයක් හෝ බා ගැනීම ගැන සතුටු වන්නෙමු [යහපාලන සන්ධානයට මහින්දගේ චන්ද ලැබෙන්නේ නැති අතර මෛත්‍රීගේ චන්ද වලින් එජාපයට යන පාවෙන චන්ද සමහරක් ලැබෙනු ඇත]. එහෙත් යහපාලන සන්ධානය ඉලක්ක කල යුත්තේ ආසන නොව දේශපාලන සම්ප්‍රදායකි. 2015 මහ චන්දය මස්තබාල්දුය. විකල්ප රාශියක් නැත. මේ මොහොත වේදිකාවක් කල යුත්තේ ඉදිරි දශකයේ දේශපාලනයේ පැලැටි වගාවටයි.

මේ පැලැටිය වල් පැලැටියක්ද නැද්ද යන්න පැහැදිලි කිරීම ඔවුන්ට බාරය

14 comments:

  1. Replies
    1. අමරබන්දු රූපසිංහ...අමරබන්දු රූපසිංහ...
      අමරබන්දු රූපසිංහ...අමරබන්දු රූපසිංහ...

      Delete
  2. රාජ් සර්ගේ හා සුජීව සර්ගේ මේ අදහස් දැක්වීම අගය කරමි. මෙවැනි බ්ලොග් කියැවීමෙන් සිවිල් අයට සේම අපටත් බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්. අමිල මෙහෙවරක්.

    රාජ් සර්ගේ ඊ-මේල් අංකය මට ලබා ගන්න පුළුවන්ද?

    කපිතන් පීකිව්ආර්එස් SLA

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්...

      raj1st80@gmail.com

      Delete
    2. ස්තුතියි රාජ් සර්.

      කපිතන් පීකිව්ආර්එස් SLA

      Delete
  3. ඇත්ත...රටට හොද විකල්පයක් අවශ්‍යයි...

    ReplyDelete
  4. මට දැන් කාලෙක ඉදන් දැනෙන හැටියට ඕස්ට්‍රේලියාවේ සිටින ලාංකීකයින්ට ලංකාවේ ඇත්තටම වෙන දේවල් ගැන අහන්න දකින්න ඇති මාධ්‍යයන්ගේ අඩුවක් තියෙනවා. අනිත් කිසිම රටක ඉන්න ලාංකිකයින්ට වඩා ඔස්ට්‍රේලියාවට ගිය අයගේ හැසිරීම වෙනස්... ඔවුන්ගෙන් බහුතරය සෘජුව හෝ වක්‍රව රනිල් හා යූඇන්පී ප්‍රිය කොටසක් බවට පේන්න තියෙනවා... ලංකාවේදී ජෙප්පෝ උන අයත් එහෙදී යූඇන්පී වෙන සයිස් එකක් තියෙන්නේ... හරියට නිකං ඔවුනට ඇති එකම මාධ්‍යය.. සිරිකොත නිව්ස් පමණක්ය කියලා හිතන්න වෙන ගානට වැඩේ දරුණුයි... මේක කොච්චර දරුණුද කියනවනං මේ මෑතක් වෙනකල් ලංකාවේ හිටිය.. දැන් ටික දවසකට කලියෙන් එහෙ ගිය අපේ ප්‍රසිද්ධ බුකි චරිතයකටත් මේ රෝගේ හිතාගන්න බැරි ආකාරයෙන් වැලදිලා තියෙනවා දැක්කම මට බයත් හිතෙනවා... මෙහෙ ඉද්දි මධ්‍යස්ථකමේ සංකේතයක් වගේ උන හාදයා දැන් දැන් රනිල්ගේ වැටීම දැකලා පුදුම කම්පාවකට පත්වෙලා ඉනින හැටි දැක්කම පුදුමයි... රනිල්ව ගොඩ ගන්න ක්‍රමයක් හොයාගන්න අපේ මිත්‍රයා සෑහෙන්න කැපවීමෙන් සාකච්ඡා පවත්වන ආකාරයත් විස්මිතයි... හරියට නිකං ඔළුවේ පැත්තක් එක පාරට වැඩ කරන්නේ නැතිව ගිහින් වගේ...

    වහාම ඔස්ට්‍රේලියාවට ප්‍රවෘත්ති යන මාර්ගවල වැඩි දියුණුවක් කල යුතුයි...

    ReplyDelete
    Replies
    1. කොකාවල හා එකී නොකී ඔසී කට්ටියත් දැන් හිතන්න ඕනේ බයියො වගේද?
      පවු අප්පා මහින්දට කඩේ යන එවුන්. මේ තරම් පිරිහිලාද?

      Delete
  5. //ජවිපෙ යනු අප වෙන දෙන්න එකක් නැතිවිට අපේ චන්දය අපතේ නොයවන්න ගහන අපේ කේන්තියෙ ප්‍රකාශනයක් පමණි// හෙවත් නියම විකල්පයක කිසිදා සැබෑ නොවන සිහිනයකි.

    ReplyDelete
  6. මේ අර නවරස සයිට් එකේ ඉෂිකා සුරංගි කියල ලියන්නේ විචාරකලු නේද?

    ReplyDelete
  7. සුජීව කොකාවල යනු ලෝකයේ ඇති සියළු ශිල්ප ශාස්ත්‍ර ඇවිදින විශ්වකෝෂයක් බඳු මනා සේ හදාළ මහා උගතෙකි. ඔහු නොදන්නේ එකම එක දෙයක් පමණකි. ඒ තමන්ගේ නොදන්නාකමය.

    ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂට කඩේ ගියත් සුජීව කොකාවල නම් ජීවිතේ තියෙන තුරා මහින්ද රාජපක්ෂට කඩේ යන්නේ නැත.

    ReplyDelete
  8. කොයි සන්ධානේ ගැනත් මේ කතාව ඇත්තක් වෙන්නට ඉඩ වැඩියි. කාගේ කාගේත් කිල්ලෝටවල හුනු පොඩ්ඩ පොඩ්ඩ හරි කීව ලු නේ ! තවමත් පිරවුනේ නැති ලොකු හිඩැසක් යහපාලනය වෙනුවෙන් තියෙනවා. ඒක පුරවන්නනම්, ශක්තිමත් පුරවැසි සමාජයක් අත්‍යාවශ්‍යයි. ඒත් තාමත් අපි ඉන්නේ වැඩවසම් වන්දිබට්ටයන්ගේ සමාජයක. ආණ්ඩුවකට මේ වෙනුවෙන් කළ හැකි ලොකුම දේ ඒ වෙනුවෙන් ආයතන හා ක%ියාදාමයන් හදන එක කියල මම හිතන්නේ. රාජපක්ෂ රෙජීමය පහුගිය කාලය පුරාම වැඩ කෙරුවේ මේ අවශ්‍යතාවය ආපස්සට හරවන්න හා විනාශ කරන්න. ඉදිරියේදීත් ඒ ගමනම වේගවත් ව යාම හැරෙන්න එයාලට වෙන පාරක් නැති බව සිහිමොලේ ඇති කාටත් තේරෙනවා ඇති. මේ නිසා රටේ-සමාජයේ ඉදිරිගමනක් ගැන කැමැත්තක්-ඹ්නකමක් තියෙන හැම කෙනෙක්ගේම පොදු අපේක්ෂාව රාජපක්ෂ කල්ලියට ඉඩ නොතැබීමයි. මේ අපේක්ෂාව, කඩේ යවන්නට ඇති ඉඩ වැළැක්වීම ගැන සිහියෙන් ඉන්න වෙයි. http://syberheartblog.blogspot.com/

    ReplyDelete
  9. සුජීව කොකාවල කියන්න‍ෙ කවුද...දේශපාලන විචාරකයෙක්ද....නැත්තං මන්තිරියෙක්ද....

    ReplyDelete
    Replies
    1. අප්පච්චි එනතුරු දවල් හීන දකින, ඒත් ඒක පිළි ගන්න තරම් වත් ගටක් නැති පිස්සු ගෙඩියෙක්...

      Delete