Friday, July 29, 2011

බ්ලොග් ලියන්නන්ට මසුරං උපදෙස්.

අද පොස්ට් එකක් දාන්න නෙවේ හිටියේ. ඒත් සමහර බ්ලොග් කියවනකොට හිතට එන කේන්තියත් එක්ක මේ ටික නොකියාම බෑ.
මම ඇහුවොත් ඔයාලගෙන් ඇයි බ්ලොග් එකක් හදාගත්තෙ කියලා කවි ලියන්න, විහිළු කතා ලියන්න, අත්දැකීම් බෙදාහදාගන්න, සොෆ්ට්වෙයාර් ගැන කියලාදෙන්න ... ඔයවගේ කාරණා සිය ගනනක් උනත් උත්තර ලැබෙන්න ඉඩ තියනවා. ඒවගේම කාගෙන්හරි ඇහුවොත් මොන විදියේ බ්ලොග්ද බලන්න කැමති කියලා ඒත් ඔය ලිස්ට් එකම අඩුවැඩි වශයෙන් උත්තර විදියට ලැබේවි.
ඉතින් ඔය විදියට බ්ලොග් ලියන්න කියවන්න අපි එනව මිසක් කවුරුහරි අපේ බ්ලොග් එකට තොරණ බලන්න එනවද? ඒ වගේම අපේ බ්ලොග් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ කාටහරි තොරණ් පෙන්නන්නද?..:D
හරි හරි කලබල වෙන්න එපා. කාරනේ මේකයි.
සමහර බ්ලොග් ඇස්වලට හරි අමාරුයි. ඒවගේම ඒවායේ තියන ඇනිමේෂන්, ඇස් කඩාගෙන යන වර්ණ මට නං හරිම වධයක්. මම නං කොයියම්ම වෙලාවක වත් බ්ලොග් එකක අන්තර්ගතය මිසක් ඒක ලස්සනට තියනවද කියන එක ගැන හොයන්නෙ නෑ. මම හිතන හැටියට නං සයිට් එක ලස්සනට තියනවනං හොදයි තමයි, ඒත් ඒක කරදරයක් නොවෙන ගානට තියෙන්න ඕන. හරියටම දැනීමක් නැති වුනත් ඔය අපි දාගන්නා එක එක ගැජට් වලින් සයිට් එක ලෝඩ් වෙන්න ගතවෙන කාලයත් වැඩි වෙනවා මං හිතන්නෙ.
මම මට හිතෙන හැටියට කියන්නං එක එක අංග මොන විදියට සකස් වෙන්න ඕනද කියන කාරණය.(උඹ මහලොකු පන්ඩිතයෙක්ද කියලා අහන්න එපා).
පෙළගැස්ම
අපි පළමු වතාවට සයිට් එකට ඇවිල්ලා දැනට උඩින්ම තියන පෝස්ට් එක කියෙවුවට පස්සෙ ඒකෙ කලියෙන් දාපු පෝස්ට් කියවන්න හිතුනොත් කරදරයක් නැතිව ඒ වැඩේ කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒකට අදාල ලිපි කැටගරි වශයෙන් තියන එක වැදගත්. විශේෂයෙන්ම සමහර සයිටි තියනවා අද සොෆ්ට්වෙයා ගැන දාලා ඊලග දවසේ ආදරය ගැන ලියපු. එතකොට සොෆ්ට්වෙයා ඕන අයට ඒව බලන්නයි ආදරය ගැන බලන්න ඕන අයට ඒවා බලන්නයි ලේසියෙන් පුලුවන්නේ.(ඕවා කොරන හැටි එකක්වත් මගෙන් අහන්නෙපා ඕං මම අයි.ටී. මෙලෝ හසරක් දන්නැති බුවෙක්)
අනිත් කාරනේ වර්ණය
‍පාට ගැන කියනවනං වැදගත්ම කාරනේ තමයි බැක්ග්‍රවුන්ඩ් එකේ පාටයි කොටන අකුරු වල පාටයි මැච් වෙනවද කියනඑක. මම අද දැක්ක සයිට් එකක් ඒකෙ බැක්ග්‍රවුන්ඩ් එක කලු පාට. අකුරු තද නිල්පාට. පෝස්ට් එක බලන්නම ඕන හින්දා ඒක කොපි කරලා වර්ඩ් ෆයිල් එකකට අතහැරලා තමයි කියවගත්තේ..ලොල්ය.
මම දැකලා තියන ලෝකෙම ජනප්‍රිය ගොඩාක් සයිට් හදලා තියෙන්නෙ තද වර්ණ භාවිතා නොකර. ඒනිසා බැක්ග්‍රවුන්ඩ් කලර් එකට නං තද පාට දාන්නෙපා රජෝ කියවන්න බෑ. තදපාට බැක්ග්‍රවුන්ඩ් ගොඩක්ම තියෙන්නෙ වැල සයිට් වල.(යකෝ ඒ මොන සයිට්ද අහනවද!)
ගැජට් බැජට්
මේවා ගැන කියනවා නං කොච්චර දාගත්තත් කමක් නෑ කරදරයක් නැති විදියට. සයිටි එක ලෝඩ් වෙන්න ගතවෙන කාලය ගැන හිතලා බලලා දාගන්නව මිසක් කවුරුහරි දුන්නු පලියට ගන්න එපා. ජාලෙ ස්ලෝ කොම්පීතරයකින් ඔයාලගෙ සයිට් එකට ගිහිල්ලා බලන්න කොච්චර වෙලා යනවද කියලා. මොකද එක එක්කෙනාගෙ ජාල සම්බන්ධකං එක එක විදියනේ. මම අද කියපු අර සයිට් එකේ පෝස්ට් එකේ අකුරු උඩත් ඇනිමේෂන් එකක් දුවනවා.(කියවන්න ගියාම මළපනිනවා:)
අකුරු
සයිස් එක 14 වත් තියනවනං තමයි හොද. මොකද අපි වගේ වයසට ගිය අයත් මේවා බලනවානෙ. හැබැයි කොළ පාට, දම්පාට වගේ ඇස් කඩාගෙන යන පාට දාන්නෙපා.
කොමෙන්ටු පෙට්ටිය
අනේ මම කියපු අර සයිට් එකට කොමෙන්ට් එකක් දාන්න ගියා ඒකෙ තියන වැරදි ගැන කියලා. ගහෙං වැටුන මිණිහට ගොනා ඇන්නා වගේ මේං ඒකෙ සැට් කොරලා තියනවා අර වර්ඩ් වෙරිපිකේසන්ද මොකද්ද උලව්ව. අර ඊමේල් එකක් හදන්න යනකොට ටයිප් කරන්න දෙන්නෙ ආරළු බූරළු අකුරු ටිකක්. අන්න ඒක තමයි.(ඕක තියෙන්නෙ මේ කවුරුහරි ප්‍රෝගෑම් එකක් හදලා නන්ස්ටොප් කොමෙන්ටු දායි කියලානේ. එහෙම එකක් තාම සිංහල බ්ලොග් අවකාශෙ සිද්ධ වෙලා නැතුව ඇති)
මම එතනින් පස්සෙ කොමෙන්ටුව නොලියම ආවා.
අන්න ඒ වෙලාවෙ තමයි කේන්ති ගිහින් මේ පෝස්ට් එක කොටන්න පටන් ගත්තෙ. දැං කේන්තිය නිවුනත් අත රිදෙනවා හොදටෝම. එහෙනං මම ගිහිං එන්නං. ඔපීසිය වහලා නිසා මේ දවස් දෙකේ බ්ලොග් කියවන්න විදියක් නෑ. ඒත් නොවැරදීම සදුදා එනවා. ලිපිය ගැන කොමෙන්ටුවකුත් කොටලම යන්න. වර්ඩ් වෙරිපිකේසන් නෑ හොදද?..:)
ප.ලි. මේවගේ ජනප්‍රිය වෙන්න දෙන අවවාද හැමෝගෙන්ම ලැබෙන්නෙ නෑ, හරිය!

Thursday, July 28, 2011

ඒකාබද්ධ අරමුදල - අපේ රටේ සල්ලි ලාච්චුව...

මේක ටිකක් නීරස මාතෘකාවක් වෙන්න ඉඩ තියනවා. ටිකක් කිවුවට ගොඩක්ම. හිනාවෙන්න බලාගෙන නවාතැනට ආවනං වහාම බැක් කොරලා වෙන අතක් බලාගන්න.
එන්ටර් වෙන්නෙ මෙහෙමයි.
ඉස්සර අපේ තාත්තලා අම්මලා මොකක් හෝ තමන්ගෙ වුර්තිය කොරලා කීයක් හරි හොයාගත්තම ඔය සල්ලි ටික දාන්නෙ ගෙදර තියන මේසයක හරි අල්මාරියක හරි ලාච්චුවකනෙ. මොකෝ ඉස්සර බැංකු කාඩ්, ක්‍රෙඩිට් කාඩ් එහෙම තිබුන එකක්යැ. ඊට පස්සෙ වියදමට සල්ලි ඕන වුනාම කරන්නෙ අර ලාච්චුව ඇරලා සල්ලි අරගෙන වියදම් කරන එක නොවැ.
ඔයාලා දන්නවද මේවගේ, අපේ(?)ආණ්ඩුව අපේ(තමන්ගෙ) සල්ලි කොහේද දාන්නෙ, කොහොමද වියදම් කරන්නෙ කියලා?(මේ හදන්නෙ අම්බානකට ආන්ඩුවට බනින්න නෙවේ). ඔය කාරනාව කොහොමද සිද්ධ වෙන්නෙ කියලා කියන්න.
මේ විස්තර තියෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ. දන්න අය ආයෙත් මතක් කරගන්න. නොදන්න අය බලන්න.
අපේ රටට අයිති සල්ලි එක එක තැන්වල තියනවානේ. ඒ කියන්නෙ මහා භාණ්ඩාගාරය, ආණ්ඩුවෙ කන්තෝරු වල බැංකු ගිණුම්වල, පිටරට ඉන්න අපේ නියෝජිතයො ගාව ... ආදී නොයෙක් විදියට. ඔය සල්ලි කොහේ තිබුනත් ඕවා අයිති වෙන්නෙ "ඒකාබද්ධ අරමුදල" කියන පොදු ගිණුමට. ඒ කියන්නෙ ආණ්ඩුවෙ 'සල්ලි ලාච්චුව'තමයි ඒකාබද්ධ අරමුදල. ඒකාබද්ධ අරමුදල හැදිලා තියෙන්නෙ මෙන්න මේ පහල කියන විදියට තමයි;
01.මහා භාණ්ඩාගාරෙ තියන සල්ලි.(අපේ රටේ තියන වැඩිහරියක් තියෙන්නෙ ඕකෙ තමයි);
02.ආන්ඩුව එක එක අමාත්‍යාංශ දෙපාර්තමේන්තු වලට වෙන්කරලා ඒත් ඒවා වියදම් නොවී ඒ ඒ ආයතනවල බැංකු ගිණුම්වල තියන සල්ලි;
03.ආණ්ඩුව වෙනුවෙන් සල්ලි(බදු) එකතු කරන ආයතන වල(උදා.දේශීය ආදයම් දෙපාර්තමේන්තුව)බැංකු ගිණුම්වල තියන සල්ලි;
04.ආණ්ඩුව වෙනුවෙන් විදේශිය නියෝජිතයන් ලග තියන සල්ලි;
05.ආණ්ඩුව කරන ආයෝජන වල සල්ලි.
ඕන්න ඔය කියන කොටස් එකතු වෙලා තමයි අපේ ඒකාබද්ධ අරමුදල හැදිලා තියෙන්නෙ. හරි දැන් බලමු ඔය කියන අපේ සල්ලි වියදම් කරන්න පුළුවන් කොහොමද කියලා. මේ සල්ලි අයිති වෙන්නෙ රටේ ජනතාව වෙච්චි අපිටනෙ..:D.
ඉතින් අපි වෙනුවෙන් මේ පිළිබද තිරණ ගන්න බලය තියෙන්නෙ අපිම පත්කරපු පාර්ලිමේන්තුවට.
ඒකාබද්ධ අරමුදලෙන් සල්ලි වියදම් කරන්න ක්‍රම වර්ග දෙකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියනවා.
පළවෙනි එක "සැපයුම් සේවා",
දෙවැනි "විශේෂ නීති සේවා".
ඉස්සෙල්ලා බලමු දෙවැනි එක,
මේ විශේෂ නීති සේවා කියන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ හරි පාර්ලිමේන්තුවෙ සම්මත කරපු නීතියකින් හරි වියදම් කරන්න බලය දීපු වියදමි. ඒ කියන්නෙ මේ වියදම් දරන්න ආයෙත් පාර්ලිමේන්තුවෙ අනුමැතිය ඕන නෑ. මොකද එක සැරයක් අවසරේ දීලා තියනවානෙ.
මේකෙන් දරන වියදම් මෙන්න මේවගේ විශේෂ ඒවා;
01.ජනාධිපතිතුමාගෙ වැටුප,
02.විගණකාධිපතිගෙ වැටුප,
03.මැතිවරණ කොමසාරිස්ගෙ වැටුප,
04.පාර්මේන්තු මහලේකම් හා එම කාර්ය මණ්ඩලයේ වැටුප්,
05.ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිශ්චයකාර වරුන්ගේ වැටුප්.
ඊට අමතරව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් වල රජයේ දායකත්වය, රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලේ රජයේ දායකත්වය හා ඒකෙ වැඩකරන අයගේ වැටුප්, මධ්‍යකාලීන හා දිගුකාලීන ණය වල පොලී,..ඔයවගේ තව කීපයක් තමයි.
ආයෙත් කියන්නෙ ඕවට පාර්ලිමේන්තුවේ අවසරේ ඕන නෑ.
ඊට පස්සෙ පළවෙනි එක තමයි සැපයුම් සේවා.
මේ විදියට සල්ලි ගන්න පුළුවන් පාර්ලිමේන්තුවට තමයි.
හැබැයි අවස්තා දෙකකදී ජනාධිපතිටත් ගන්න පුළුවන්. ඒ අවස්ථා දෙක තමයි මේ පහලින් තියෙන්නෙ.
01.ඊලග අවුරුද්දෙ අයවැය සම්මත කරන්න කලියෙං මොකක් හෝ හේතුවකට ජනාධිපති පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් අලුත් ආණ්ඩුවක කැබිනට් මණ්ඩලේ පත්වෙලා සාමාන්‍ය මට්ටමට එනකන් රටේ වියදම් දරන්න ඒකාබද්ධ අරමුදලෙන් සල්ලි දෙන්න ජනාධිපතිට පුළුවන්.
හැබැයි අලුත් ආණ්ඩුව පත්වෙලා මාස තුනක් ගෙවෙනකන් දරන්න ඕන වියදම විතරයි. ඊට එහා බෑ.
02.දෙවැනි අවස්ථාව තමයි ජනාධිපති පාර්ලිමේන්තුව විසිරුවා හැරි වෙලාවක කලිං හිටි ආණ්ඩුව මැතිවරණය පවත්වන්න සල්ලි වෙන්කරලා තිබුනෙ නැත්නම්, මැතිවරණ කොමසාරිස්ගෙන් අහලා මැතිවරණයට යන වියදම ඒකාබද්ධ අරමුදලෙන් අරං දෙන්න ජනාධිපතිට පුළුවන්.
ඕං ඔය අවස්තා දෙකේදී විතරයි ජනාධිපතිට අවස්තාව තියෙන්නෙ ඒකාබද්ධ අරමුදලෙන් සල්ලි ගන්න.
අන්තිම එක තමයි සැපයුම් සේවා වලින් පාර්ලිමේන්තුවට තියන බලතල විස්තර කරන එක. මේකෙදි ලොක්කා වෙන්නෙ මුදල් ඇමතිතුමා තමයි. ඒත් අපේ රටේ නං කාලයක් තිස්සෙ මුදල් ඇමතිකම තියං ඉන්නෙ ජනාධිපතිවරුම තමයි. ඒක හරියට හැන්ද තමං අතේම තියාගෙන ඉන්නව වගේ තමයි. මුදල් ඇමතිතුමා අයවැය ඉදිරිපත් කරලා කෂ්ටිය කෑකෝ ගහලා වැඩි චන්දෙං ඒක සම්මත කරගන්නවනේ.
ඔය අයවැය හැදිල්ල ගැන කියනව නං හැම ආණ්ඩුවෙ කන්තෝරුවක්ම ඕකට දායක වෙනවා.
උදාහරණයක් විදියට මම වැඩකරන කාර්යාලෙ නිලධාරීන්ට පඩි, ඕ.ටී.,තව එක එක දීමනා වලට ලබන අවුරුද්දෙ කොච්චර සල්ලි ඕන වෙනවද කියලා අපි ගනං හිලවු හදලා ඒක අපේ ඇමතිතුමා හරහා මුදල් අමාත්‍යාංශෙට යවනවා. ඔය විදියට හැම තැනකින්ම එන ගනං එක්කාසු කරලා තමයි ආණ්ඩුවෙ කාර්යාල වලට සල්ලි වෙං වෙන්නෙ.
ඒ වගේම ආදායම් එකතු කරන කන්තෝරු වලිනුත් ගන්නවා ලබන අවුරුද්දෙදි කොච්චර ආදායමක් එකතු කරලා දෙන්න පුලුවන්ද කියන කාරනේ. මොකද විදං කරන්න කොහෙන්හරි ලැබෙන්නත් එපැයි. කොච්චර කලත් ආදායමට වඩා අපේ රටේ වියදම වැඩි නිසා හිගේ පියවන්න ණයට පිටරටින් සල්ලි ගන්නම වෙනවා.
අයවැය ගැන එච්චරයි.
අයවැය සම්මත වෙලා ඉවරවුනත් නිකං භාණ්ඩාගාරෙන් සල්ලි දෙන්නෙ නෑ. ඒකට මුදල් ඇමතිතුමා ලියුං කරදහියක් දෙන්ට ඕන.
ඒකට කියන්නෙ "වොරන්ට් බලපත්‍රය" කියලා. වොරන්ට් බලපත්‍ර වර්ග 7ක් තියනවා. ඒවා යොදාගන්නෙ ඒ ඒ අවස්තාවෙ මුදල් සම්මත වුනේ මොන විදියටද කියන කාරනේ උඩ.
උදාහරණයක් විදිහට අයවැයෙන් සාමාන්‍ය විදියට සම්මත වෙච්ච ගෙවීමකට සල්ලි ගන්න භාණ්ඩාගාරයට දෙන්න ඕන කරන්නෙ "සාමාන්‍ය වොරන්ට් බලපත්‍රය". මොකක් හරි හේතුවකට ගෙවීම නතර කරලා තිබිලා ආයෙත් ගෙවන්න පාර්ලිමේන්තුව තීරණය කරපු ගෙවීමකට ඉදිරිපත් කරන්නෙ "අධියාඡනා වොරන්ට් බලපත්‍රය.
දැං ටිකක් හරි තේරෙන්න ඇතිනෙ අපේ රටේ "සල්ලි ලාච්චුව" ගැන.
අන්තිමට කියන්න තියෙන්නෙ මේ විදියට ඒකාබද්ධ අරමුදලෙන් දෙන සල්ලි වියදම් වෙලා තියෙන්නෙ කොහොමද කියලා ‍රටේ බදු ගෙවන ජනතාවට වග උත්තර බදින එකනෙ. මොකද මේවායෙ අයිතිකාරයො අපි නිසා. ඒගැන හොයලා බලන්න තමයි විගණකාධිපති ඉන්නෙ. එයා පාර්ලිමේන්තුවට කියන්න ඕන වියදං කරද්දි හොරකං කරලද, නීතියට එකගව ගණුදෙණු සිද්ධවෙලාද කියන එක.
අද තමයි දිගම පෝස්ට් එක කෙටුවෙ. සද්ද නැතුව යන්නැතුව පහලින් මොනවා හරි කියලම යන්නකො.

Monday, July 25, 2011

අවාසනාවට ඇත්ත කතාවක්!

දවස් දෙකකට පස්සෙයි ජාලෙට ආවෙ. වීකෙන්ඩ් එකේ ඔපීසිය වහපු නිසා සිකුරාදා හවස දාපු පෝස්ට් එකේ කොමෙනුටු වලට වත් උත්තර බදින්න වුනේ නෑ. තරහ වෙන්න එපා බ්ලොගේට ආපු හැමෝටම ස්තුතියි.
කියන්න යන සිද්ධිය මේකයි.100%ම ඇත්ත.
ඔයාලට මතක ඇති මම ලයිසන් කිරිල්ල ගැන දාපු පෝස්ට් එක.බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න.ගොඩක් දෙනෙක් ඒක බලලා තිබුනා.
මම ඔය පෝස්ට් එක දාපු දවසෙම මගේ යාලුවෙක් කෝල් එකක් දීලා ලයිසන් කිරිල්ල ගැන මොනවද ප්‍රශ්න වලයක් ඇහුවා.මම ඒවට උත්තර දීලා අන්තිමට කිවුවා,
මම: වැඩිදුරටත් ඕක ගැන විස්තර දාලා තියනවා මගේ වෙබ් සයිට් එකේ. ඒක බලපන්.
යාලුවා: හිකි හිකි හිකි...
ඒ කතාබහ එතනින් ඉවර වුනා.(යාලුවා ඉන්නෙ අම්බලන්ගොඩ නිතර ජාලෙ ඉන්න එකෙක් කියලත් මතක තියාගන්න)
පහුගිය සිකුරාදා උදේම මට මේ කියන යාලුවා කෝල් එකක් දෙනවා.
යාලුවා: මචෝ.. මම කාරෙක ලයිසන් කරන්න කොළඹ යන ගමන්, මේ..ඒකට ඕනවෙන්නෙ මොනවද?
මම: පොතයි, පරණ ලයිසන් එකයි, දුං සහතිකෙයි,ඉන්සූරන්ස් එකයිනෙ.
යාලුවා: හුටා! මචං ඉන්සුරන්ස් එක දාලානෙ ආවෙ!
මම: උඹ බස් එකේද යන්නෙ?
යාලුවා: නෑ බං මම රුහුණු කුමාරි එකේ යන්නෙ, එහෙනං මම අලුත්ගම බහිනවා!
මම: ඕකනෙ බං මම උඹට කිවුවෙ මගෙ වෙබ්සයිට් එක බලපන් කියලා..හිකි හිකි හිකි...!
උපදේශය:- වැදගත් පුද්ගලයෙකුගේ උපදේශයකට කිසිදා සිනහ නොවිය යුතුය..:D

Friday, July 22, 2011

ඇතිවෙන්න හිනාවෙන්න -:) +18

මෙන්න අදත් මගෙන් කතා සෙට් එකක්.හැබැයි ටිකක් විතර +18 වගේ.ඒත් කතා වල තියන රසය නිසා මේවා නොදා බෑ වගේ.අනෙක මේවා කලින් අහල තිබුනෙත් නෑ.ඕං කියවලම බලන්න.
---------------------------------------------------------------------------------
ගුරුවරිය උගන්වමින් සිටියේ එකතු කිරීම අඩු කිරීම පිලිබද ගණිත පාඩමයි.ප්‍රශ්නය යොමුකලේ පන්තියේ සිටි ඇම්ඩන් හටය.
ගුරුවරිය: ඇම්ඩන් පුතා කියන්න බලන්න අත්තක කුරුල්ලො පස් දෙනෙක් ඉන්නවා. ඔයා වෙඩි තියලා කුරුල්ලෙක් බිම දානවා.දැන් අත්තේ කුරැල්ලො කීයක් ඉන්නවද?
ඇම්ඩන්: එකෙක් වත් නෑනෙ මිස්. මොකද අනිත් කුරුල්ලො වෙඩි සද්දෙට ඉගිල්ලිලා යනවනෙ.
ගුරුවරිය: නෑ නෑ මම කියන්න හැදුවෙ පහෙන් එකක් අඩු වුනාම හතරයි කියලා. ඒත් ඔයා හිතන විදියට මම කැමතියි.
ඇම්ඩන්: මිස්, මම මිස්ගෙන් ප්‍රශ්නයක් අහන්නද?
ගුරුවරිය:අහන්න පුතා.
ඇම්ඩන්: ඕන්න කාන්තාවො තුන්දෙනෙක් අයිස්කෝන් ගත්තා.එක්කෙනෙක් අයිස් කෝන් එක කනවා.තව එක්කෙනෙක් අයිස්කෝන් එක උරනවා.අනිත් එක්කෙනා ලෙවකනවා.මේ තුන් දෙනාගෙන් විවාහක එක්කෙනා කවුද?
ගුරුවරිය(මදක් කල්පනා කර..): දෙවනි එක්කෙනා.
ඇම්ඩන්: වැරදියි! බැදපු එක්කෙනා තමයි ඇගිල්ලෙ මුද්දක් තියන එක්කෙනා! ඒත් මිස් හිතන විදියට මම කැමතියි.
-------------------------------------------------------------------------------
ඔන්න එක මනුස්සයෙක් තමන්ගෙ නෝනත් එක්ක කතා කරගත්ත ...කරන්න ඕන උනාම වචනයක් හදාගන්න.එයාල අන්තිමට ඒකට දාගත්තු වචනෙ තමයි 'කෝල් එකක් ගන්නවා' කියන එක.
දවසක් මෑන්ට වැඩේ ඕනවුනා.නෝනා කුස්සියෙ උයනවා.පුතාට කියනවා මෙහෙම;
"පුතා, අම්මගෙන් අහන්න තාත්තට කෝල් එකක් ගන්න පුලුවන්ද කියලා"
පුතා මවගේ ලගට ගොස් පැමින;
"තාත්තේ අම්මා කිවුවා දැන් කෝල්ස් ගන්න බෑ කියල"
තාත්ත කියනවා;
"අම්මට කියන්න එහෙනං තාත්තා වෙන තැනකින් කෝල් එක ගන්නවා කියල"
පුතා නැවත පැමිණේ
"තාත්තේ අම්මා කියනවා එහෙම උනොත් ගෙදර communication එකක් දානවා කියලා"!
---------------------------------------------------------------------------------
සම්පූර්ණයෙන් නිරුවත් කාන්තාවක් ගමනක් යාමට ටැක්සියකට ගොඩවූවාය.රියදුරු විටින් විට පිටුපස හැරෙමින් කාන්තාව දෙස බලන්නට විය.
කාන්තාව: ඇයි ඔයා මගේ දිහා ඔය විදියට බලන්නෙ, මීට කලින් මේ විදියට ගෑණු කෙනෙක් ඉන්නවා දැකලා නැද්ද?
රියදුරු : නෑ නෝනා මම මේ බැලුවෙ නෝනා කොහෙද මගේ හයර් එක තියාගෙන ඉන්නෙ කියලා!
---------------------------------------------------------------------------------
කුඩා ඇනී පාසලේ හොද ශිෂ්‍යාවක් නොවුවාය.පන්තියේදී නිතරම නිදාගැනීම ඇයගේ පුරුද්ද විය.එදින ඇය පන්තියට පැමිණියේද ප්‍රමාදවය.ගුරුවරයා උගන්වමින් සිටියේ ක්‍රිස්තියානි ධර්මයයි.නොබෝ වේලාවකින් නින්දට වැටුන ඇය ගුරුවරයාගේ ඉලක්කය විය.
ගුරුවරයා:ඇනී කියන්න බලන්න ලෝකය මැවුවේ කවුද කියලා?
මෙවිට පිටුපසින් සිටි ඇන්ඩි තමා අත තිබූ පින් එකකින් අැනීගේ පශ්චාත් භාගයට ඇන්නේය එක්වරම,
ඇනී:ගෝඩ්...
ගුරුවරයා:බොහෝම හොදයි ඇනී...
ඇනී නැවත නින්දට වැටුනාය.යලිත් ගුරුවරයාගේ ප්‍රශ්නය ඇනීටය,
ගුරුවරයා:ඇනී කියන්න බලන්න අපගේ ගැලවුම්කරුවානන් කවුද කියලා?
මෙවරද පිටුපස සිටි ඇන්ඩිගෙන් අල්පෙනෙති ප්‍රහාරය එල්ලවුනි.
ඇනී:ජේසූ....
ගුරුවරයා:බොහෝම හොදයි ඇනී...
තෙවන වර ද ප්‍රශ්නය නින්දේ සිටි ඇනීටය;
ගුරුවරයා:ඇනී කියන්න බලන්න,විසි තුන්වෙනි බබා ලැබුනට පස්සෙ ආදම්ට ඒව මොනවද කිවුවෙ කියලා.
මෙවර ඇන්ඩිගේ ප්‍රහාරය පෙරට වඩා සැර විය.
ඇනී: ...ගෙ පුතා උඹ ආයෙත් ඕකෙන් මට ඇන්නොත් මම ඕක දෙකට කඩලා ගහනවා උඹේ ..කේ!
ගුරුවරයා : $%@*/+!
කොහොමද? :D නං පහලින් කොමෙන්ටුවක් කොටලාම යන්න.

Wednesday, July 20, 2011

පුංචි කතා දෙකක්.

අද කියන්න යන්නෙ පුංචිපහේ කතා දෙකක්.
මේ කතා දෙකම මට මතක් වුනේ පිණිබිදුගෙ 'ඔන්න ඕකිට ඇහැරවනවා' කියන පෝස්ට් එකයි අභීතගෙ 'දෙනෝ දාහක් මැද අභීත පුතාට හතර දෙනෙක් වට කරගෙන නෙලයි' කියන පෝස්ට් එකයි දැක්කම.
හරි පලවෙනි කතාව මේකයි.
මම කොලඹ වැඩකරපු කාලෙ ගෙදර ඇවිල්ල කොළඹ යනවා රත්නපුර පැත්තෙන්.ඔහොම ටිකදුරක් යනකොට ඇඹිලිපිටියයි රත්නපුරටයි අතරෙදි බස්එකට ගොඩවුනා සීදේවී නෝනා කෙනෙක්.නෝනා කෙනෙක් කිවුවෙ සාරියක් ඇදලා හිටපු නිසා(නැත්තං මටත් වැඩිය බාල ඇති).ඇවිල්ලා මගේ ලග සීට් එකේ වාඩිවුනේ නැතැයි.(කාටද ඇත්තටම..:D). ඕන්න ඉතින් මාත් හොද නැකතක් බලලා දැම්ම වර්ඩ් එකක් දෛකක්.දන්නවද මොකද වුනේ කියලා...................
අනේ ඉතින් ඒ වෙලාවෙ මගේ මූනෙ හැටි ඔයාලා දැක්කනම්.
කොහොමහරි බලාපොරොත්තු හුලගට ගසාගෙන ගිහින් මම මොකාද වගේ ඉන්නකොට දැක්කා මෙයා ලග තියනවා ෆයිල් එකක්.පළාත්සභාවක මොකක්ද ගහල තිබුනු එකක්.කොහොමහරි මෙයා වැඩ කරනවා ඇත්තේ රත්නපුරේ පළාත්සභා කාර්යාලෙ කියලා මගේ ටිකිරි මොලේට තේරුම්ගන්න වැඩිවෙලා ගියේනෑ.ඒ ගමන මම ආයෙත් ඉස්සෙල්ලා වගේ ටෝක් එකක් දැම්ම.(ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයිලු නෙවැ).
ඉතිං ප්‍රතිචාරෙ චුට්ටමයි වෙනස්.
ඒ කියන්නෙ කලින්ට වඩා චුට්ටමයි ගස්සගත්තෙ.මං හිතන්නෙ කොල්ලො අරහං එකෙක්ද කොහේද? (නැත්නං මංවගේ කෙනෙකුටත්....:D).
ඕං ඔහොම ටික වෙලාවක් ගියා විතරයි මේකි නිදි.නිකං නං නෙවේ මගේ ඇගටත් හේත්තු වෙලා.හ්ම් උඹට දෙන්න ඕන මොනවගේ ගේමක්ද කියලා හිත හිත ඉන්නකොට බස් එක රත්නපුරේට ආවා.නෝනගෙ නිදිමත කොච්චරද කියනව නම් තාම නැගිටින්න වගක්වත් නෑ.තවත් විනාඩි ගනනකින් පළාත්සභා ගොඩනැගිල්ලත් පාස්කරගෙන බස් එක හෝ ගාලා අදිනව.කිලෝමීටරයක් විතර දුර ගියාම මම මොකද කලේ, ඇන්නා ඇගිල්ලෙන්.(වැරදි තැනකට නෙවේ ඕං).මිස් ගැස්සිලා ඇහැරුනා.බැලුව වටපිට, එබුවෙ නැතෑ බෙල් එක.ඛේදයකි! ඒ ස්විච් එක වැඩකරන්නෙ නෑ. ඒ ගමන මං ඇහුව
"ආ.. මිස් බහින තැන පහු උනාද" එයා කියනවා
"අනේ ඔව් මං බහින තැන පහුවුනානෙ" කියාගෙන ඉස්සරහට ගිහින් ඩ්‍රයිවර්ට කියලා බැස්සා. කතාව එච්චරයි.
ආදර්ශය(කෙල්ලන්ට):-බස්වලදී මුනගැසෙන කොල්ලන් සමග කතාකරන්න...:D
-------------------------------------------------------------------------------
මෙන්න අභීත අයියගෙ පෝස්ට් එක දැකලා මතක්වෙච්ච කතාව.
මේක මගේයාලුවෙකුගෙ යාලුවෙකුට වෙච්චි දෙයක්.
දවසක් ත්‍රීවිල් එකක සෙට් එකක් ගමකට ඇවිල්ලා.හතර පස් දෙනෙක්.ඇවිත් තියෙන්නෙ මුන්ගෙන් ගේමක් ඉල්ලපු රත්නායක කියන එකාට ගේම දෙන්න.කොහොමහරි කස්ටිය බැහැලා සද්දයක් එහෙම දාලා තියනව මෙන්න මෙහෙම.
"අඩෝවු..... කවුද ඩෝ රත්නායක කියන්නෙ?,%%$$%&^උඹ චන්ඩියෙක්ලු නේද?"
"වරෙන්ඩෝ එලියට"
ඔන්න ඔහොම කෑගහනවා.මේ වෙලාවෙ එකෙක් බැස්ස පාරට,‍කෙලින් ඉන්න බැරි ගානට පොරට බඩු.
"අඩෝ මම තමයි රත්නායක කියන්නෙ! ඇයි මොකද ඩෝ..?
ඊට පස්සෙ සිද්ධවුනේ අභීත අයියට වෙච්ච දේම තමයි.අර සෙට්එක නෙලුවා නෙලිල්ලක් අර බුවාට,කියලා වැඩක් නෑ.අන්තිමට උන් සෙට්එක ගිහින් ත්‍රීවිල් එකට නැග්ග යන්න.
ඊට පස්සෙ අමාරුවෙන් නැගිටපු අර බුවා කියනවා,
හූ... හූ....... ඇද්ද උඹලට...අඩෝ මේ අහපල්ලා..... මම රත්නායක නෙවෙයි ඩෝ......ඇද්ද උඹලට....හූ... හූ.......

Tuesday, July 19, 2011

1000 ගැහුව! බ්ලොගේට ආපු ඔයාලා හැමෝටම ස්තුතියි!

ඕන්න අද මට විශේෂ දවසක්. මොකද ඔයාලා රාජ්ගෙ නවාතැනට ආපු වාර ගනන 1000 ඉක්මවා ගිහින් තියනවා.(9 දෙනෙක් ෆලෝ කරලා තියනවා). 1000ක් කියන්නෙ ඉතින් ගානක් නොවුනත් මං වගේ කෙනෙකුට පොඩි ගානක් නෙවේ නොවැ. මම නවාතැන පටන් ගත්තෙ පහුගිය අප්‍රේල් 06 වෙනිදා. ඒ බ්ලොගයක් අටවගන්න හැටි පෝස්ට් එකකින් දැකලා (ඒ බ්ලොගේ දැන් නෑ). ඊට කලින් බ්ලොග් කියවලා තිබුනාට බ්ලොග් එකක් අටවගන්නෙ කොහොමද කියලා තේරුමක් තිබුනෙ නෑ. කොහොමිං කොහොමහරි බ්ලොගේ පටන් ගත්තත් සිංඩියක රෙජිස්ටර් නොවුනු නිසා නවාතැනේ තනි අයිතිකාරයා උනේ මමම තමයි.
මගේ බ්ලොගේට හා හාපුරා කියල ඉස්සෙල්ලම ඇවිල්ලා හිටියේ සිත් ආර ලියන නලිනි චන්දිමා. ඒ මාරයාගෙ මෙන්න මේ තල්ලුවට පින්සිද්ධ වෙන්න. (නලිනි මගේ බ්ලොගේට වැඩියෙන්ම කොමෙන්ටු දාපු කෙනා). ඊට පස්සෙ මම ලාංකීය සිතුවිලි, සිංඩිය, දෙරණ අවකාශයටත් ඇතුල් වුනා. මම කැමැත්තෙන්ම හිටිය සිංහල බ්ලොග් කියවනයට ඇප්ලයි කලත් මේ දක්වා ප්‍රතිචාරයක් නෑ.
තවත් දෙයක්, මගේ බ්ලොගේ එක කැටගරියකට දාන්න පුලුවන් එකක් නෙවේ. විහිලු කතා, වැදගත් වෙනත් දේවල් වගේම හොද සොෆ්ට්වෙයාර් එකක් ලැබුනොත් ඒකත් දානවා කස්ටියට බෙදාගන්න.
මම ගැන කියනවනං කොම්පිතර ගැන ඉගනගෙන තියෙන්නෙ ඔෆීස් විතරයි.(ඒකත් බාගෙට). අයි.ටී. මෙලෝ හසරක් දන්නෙ නැති ආන්ඩුවෙ පොඩි ඔපිසියක පුංචි පුංචි වැඩකරන බුවෙක් තමයි.
එහෙනං දිගටම මාත් එක්ක රැදිලා ඉන්න. ගිහිං එන්නම්.
හැමෝටම ස්තුතියි!

Monday, July 18, 2011

රස්තියාදු වෙන්නැතුව වාහනේ ලයිසන් කරගන්න ඕනද? එහෙනම් බලන්න.

අද දාන්න යන්නෙ වාහනයක් තියන කෙනෙකුට වැදගත් වෙන උපදෙස් ටිකක්.
මේ කාලේ වාහනයක් අරගෙන ලයිසන් කරගන්න ගිහින් රස්තියාදු වෙන පිරිස අනන්තයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා වැඩේ කරගන්න බැරුව එතන ඉන්න මනුස්සයාගෙ අම්ම මතක් කර කර ආයෙත් ගෙදර එන්නෙ නැතුව මේ වැඩේ කරගන්න මෙන්න මේ විදියට කටයුතු කලොත් පුලුවන් වේවි.
ලයිසන් කරන්න අවශ්‍ය ලිපි ලේඛණ මෙන්න මෙවුවා,
01 වාහනයේ පොත.
ලීසින් කරලා හරි උකස්කරලා හරි නැත්නම් කාගෙත් ගාව පොත තියෙන්න එපැයි නේද? ඕක ගෙදර දාලා ගියොත් සොරි තමයි. ලීසින් හරි උකස් හරි කරලා තියන වාහනේක පොත තියෙන්නෙ අදාල ලීසින්/උකස් කොම්පැණිය බාරෙ. එතකොට ඔයාලා හරියට ලිසින් වාරික ‍ගෙවලා තියනවා නම් පොතේ සහතික කරපු කොපියක් ලැබෙනවා. ඒක අරගෙන ගියාම හරි.
මතක තියාගන්න ඕන කාරනයක් තමයි සමහර ලිසිං කොම්පැනි වලින් දෙන කොපි එකේ ගහලා තියනවා 'දින 30 සදහා පමණක් වලංගුයි' කියලා එතකොට දින තිහ පැනලා තිබ්බත් සොරි තමයි. හරි පොත ගැන එච්චරයි.
02 ඊලගට වාහනේ රක්ෂන ආවරනෙ (සිංහලෙන් ඉන්සුරන්ස් එක).
ඒකත් අනිවා ගෙනියන්න ඕන. ඉන්සුරන්ස් එකේ වලංගු කාලෙ අඩුම ගානෙ එක දවසක්වත් තියෙන්න ඕන. කල් පැනපුවා ඔට්ටු නෑ ඕං.
03 කලිං වතාවෙ ලයිසොම.
මේකත් ගෙනිච්චොත් හොදයි. දැන් දත්ත කොම්පීතරේට දාලා තියන නිසා මේක නැතිවුනත් පුලුවන්. ඒත් ගෙනියන එක තමා වැඩිය ඇගට ගුණ.
04 ඊලග එක තමයි 'දුං සහතිකේ' හෙවත් වායු විමෝචන සහතිකේ.
මේක ඉතාම වැදගත් එකක්.
මේකට අදාල නීති රීති තියෙන්නෙ මෙහෙමයි.
අලුත්ම අලුත් ඒ කියන්නෙ Brand New වාහනයක පලවෙනි ලයිසන් එක ගන්න මේ සහතිකේ ඕනෙ නෑ. ඊට පස්සෙ හැම අවුරුද්දකම ලයිසන් ගන්න යන්න කලින් දුං සහතිකේ අරගෙන යන්නම ඕන.(මේක ගන්න තැනට පොත හරි පොතේ කොපිය හරි ගෙනියන්නත් ඕන)
පාවිච්චි කරපු වාහනයකට ඒ කියන්නෙ Recondition වාහනයකට නම් පලවෙනි ලයිසන් එකේ ඉදලම දුං සහතිකේ ඕන.(ඉස්සර වෙලා නිතිය තිබුනෙ Brand New වාහනයක ලයිසන් තුනක් ගන්නකන් මේක නිදහස් කරලා ඒත් දැන් දෙන්නෙ එක අවුරුද්දයි.)
බයික් එකකට කාර් එකකට හෝ වෙනත් සැහැල්ලු වාහනේකට ඕන වෙන්නෙ ඔය උඩිං කියපු හතර. හැබැයි ලොරි, බස් වලට යෝග්‍යතා සහතිකේකුත් ඕන වෙනවා. ඒවා ගන්න පුලුවන් ඩිපෝ වලින් සහ අනුමත ගරාජ් වලින්. රූට් පර්මිට් තියන බස් වලට අලුත් කරපු රූට් පර්මිට් එකත් ඕන.
ඒවගේම ඉඩම් වාහන (ට්‍රැක්ටර්, බැකෝ..) වලට දුං සහතිකේ ඕනෙ නෑ.(1,2,3 විතරක් තිබුනම ඇති).
ඒ වගේම වැදගත් දෙයක් තමයි කාගෙන් හරි වාහනයක් අරගෙන තමන්ගෙ නමට ට්‍රාන්සර් කරගත්තම, කලින් ලයිසන් කරපු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගන්න තියනවා විස්තර ටිකක්. ඒ කියන්නෙ ඒ වාහනේ නොකඩවා ලයිසන් කරලා කියලා සහතික කරලා ගන්න ලියුමක් මේකට කියන්නෙ 'නොබැදිපත' කියලා. අනුනගෙන් ගත්තු වාහනේ එක සැරයක් වත් පරණ තැනින් ලයිසන් කරන්න වෙනවනේ. ඒ ගමන්ම නොබැදිපතත් ගත්තම ආයෙත් එහේ යන්න ඕනෙ නෑ. හරිනේ.
ඕන්න ඔය උපදෙස් පිලිපැද්දොත් ලේ පුච්චගන්නෙ නැතිව ලයිසොම ගත්තෑකි.
ප්‍රශ්නයක් තියනවනම් අහන්න.
පෝස්ට් එක වැදගත් නම් කොමෙන්ටුවකුත් කොටලම යන්න.

Sunday, July 10, 2011

හොරා‍ගේ පේන කීම හෙවත් ක්‍රොප්ලයිfප් ශ්‍රී ලංකා‍‍‍ පුවත්පත් නිවේදනය.

ආසනික් කතාවේ අලුත්ම ජවනිකාව වන්නේ ශ්‍රී ලංකා‍‍‍වට පළිබෝධ නාශක ගෙන්වන්නන්ගෙන් සැදි ක්‍රොප්ලයිfප් ශ්‍රී ලංකා‍‍‍ නම් ඊනියා සංවිධානයේ පුවත්පත් දැන්වීමයි‍. "විද්‍යාත්මක සත්‍ය හා ආසනික් ප්‍රෝඩාව" යනුවෙන් නම්කර ඇති මෙය මා දුටුවේ අද දින ලංකාදීප පුවත්පතෙන් වන අතර අනෙකුත් පුවත්පත් වලද මෙම දැන්වීම ඇතැයි සිතමි.
ප්‍රශ්නෝත්තර ක්‍රමයට ඇති මෙම ලිපිය පටන්ගෙන ඇත්තේ "මොනවද මේ ආසනික්" යන ප්‍රශ්නයෙනි.
මෙහි ඇති සියලු දේ දැක්විය නොහැකි වුවත් ප්‍රශ්නෝත්තර දැන්වීමෙහි ඇති ගැටළු සහිත තැන් කිහිපයක් වෙත අවධානය යොමු කරමු.
උපුටා ගැනීම,
"ශ්‍රී ලංකා‍‍‍වේ විශාල වශයෙන් ආසනික් අඩංගු ඛණිජ ද්‍රව්‍ය නැතත් ......මෙම ලෝහය ලංකාවේ ඕනෑම ප්‍රදේශක පසේ අන්තර්ගතව තිබිය හැකියි"
මෙහිදී බොන වතුර වීදුරුවේද ආසනික් ඇතැයි කී ඇමතිවරයාගේ කතාව සිහිපත් වේ.
"ගල් අගුරු මගින් බලශක්තිය නිපදවීමේදී......වැනි කර්මාන්ත වලදී ආසනික් පරිසරයට එකතුවිය හැකිය"
"වීදුරු, ලී පදම් කිරීමේ,..... කර්මාන්ත වලදී ආසනික් භාවිතා කරනවා"
මෙහිදී සිදුවන්නේ ආසනික් සාමාන්‍යකරණය කිරීමයි.
ඉන්පසු විවිධ තැන් වලදී අතාර්කික කාරණා සහ හිතාමතා ගොතන ලද පට්ටපල් ‍බොරු දැකිය හැකිය.
"ඒ අනුව පළිබෝධනාශක කර්මාන්තයේ යෙදී සිටින කිසිම සමාගමක් ආසනික් සක්‍රීය දුව්‍යක් ලෙස පවතින පළිබෝධනාශක ආනයනය කර නොමැති බව අවධාරණයෙන් යුතුව කියනවා"
ඔවුන්ට අනුව වල්/පලිබෝධ මර්ධනය කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍යක් ලෙස ආසනික් නොපැවතුනද, අමතර වශයෙන් ඒවායේ ආසනික් තිබියහැකිය.
ආසනික් ඇතිබව ප්‍රකාශ කල පර්යේශන කණ්ඩායමේ ක්‍රම වේදය අභියෝගයට ලක් කරන මොවුන්, කාර්මික තාක්ෂණ ආයතනය විසින් ආසනික් ඇතැයි තහවුරු කරගත් වල් සහ කෘමිනාශක ගැන දරන මතය වන්නේ
".....ඉතාමත් සුළු ප්‍රමාණ වලින් ආසනික් අඩංගු බව ප්‍රකාශ කෙරුනා" සහ
"ඒවායේ ඇති ආසනික් ප්‍රමාණය මිනිසාට හෝ පරිසරයට හානිදායක ඇත්දැයි නිගමනය කිරීමට...........යොමුකොට ති‍බෙනවා" යන්නයි.
මෙවැනි බේගල් වලින් පත්තර පිටුව පුරවා ඇති මෙම "ක්‍රොප්ලයිfප් ශ්‍රී ලංකා‍‍‍" අවසානයේ ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් ගැන කතා කරමින් පවසන්නේ, ආසනික් ලංකාව‍ට ගෙන්වීමට වගකිවයුතු නිලධාරී පැළැන්තිය සහ ගලේ පැහැරූ බළලාගේ තත්වයට පත්වී ඇති ඇමතිවරයාගේ කථාවමය.
මෙසේ නඩු සහ බඩු දෙකම හාමුදුරුවන්ගේ වූ කල අහසින් පහත්වන හෙනගෙඩි වලින් සාධාරණය බලාපොරොත්තු වනවා හැර වෙන යමක් බත්කන ජනතාවට නොමැත‍‍.

Monday, July 4, 2011

ආ.. පිසික්ස් නේ...

දවස් තුනකට පස්සෙ අද තමයි ජාලෙ පැත්තෙ ආවෙ. බ්ලොගේට ආපු/ කොමෙන්ටු දාපු අයට ස්තුතියි. මේක පටන්ගත්ත දවසේ ඉදලා ලියන්න හිතාගෙන හිටිය දේවල් වලින් එකම එක පෝස්ට් එකයි දැම්මෙ. අනෙක් ඒවා ඔක්කොම වගේ විහිළු කතා තමයි. ඒත් වැඩිපුරම කස්ටිය කැමතිත් විහිළු කතා වලට වගේ. stat බැලුවම තේරෙන්නෙ එහෙම.
අවුරුදු 5කට විතර පස්සෙ මහා ක්‍රිකට් ගැටුමකට සම්බන්ධ වෙලා ඇග නිකන් ගුටිකාපු ගානයි.
හරි මෙන්න අද කතාව.
මේක මට කිවුවෙ මගේ යාලුවෙක් 100% ඇත්ත කතාවක්.
ඔය කියන මගේ යාලුවා පොලොන්නරුව පැත්තෙ ඉස්කොලෙක තමයි ඉගනගත්තෙ. ඒ දවස්වල ඕ ලෙවෙල් පාස් වෙලා ඒ ලෙවෙල් පංතියට ගිය අලුත. ආ..අමතක වුනා Maths වලින් තමයි ඒ ලෙවෙල් කරන්න ගත්තෙ. ඒ ලෙවෙල් පටන්ගන්න කාලෙ ඔය සබ්ජෙට් වලට කියන ඉංගිරිසි වචන හැමෝටම බෑනෙ. මටත් එහෙමයි. Pure Maths,Applied maths,..බ්ලා, බ්ලා, බ්ලා...
හරි ආයෙත් කතාවට එමුකෝ,
එක දවසක් මගේ යාලුවා පන්තියෙ අනෙත් සෙට් එකත් එක්ක. පන්තියෙ ගුරුවරයෙක් නෑ. මේවගේ පන්ති වලින් අර මූද ගොඩ ගලනකොට වගේ සද්දයක් එන්නෙ, අහලා ඇතිනේ....:D
කොහොම හරි ඔය සද්දෙට ප්‍රින්සිපල් ආවා. ඊටපස්සෙ සංවාදෙ මෙහෙමයි.
ප්‍රින්සිපල්: (තේජාන්විතව) ළමායි, මොකද සද්දෙ? මොනවද දැන් තියෙන්නෙ?
එක ළමයෙක්: සර් දැන් තියෙන්නෙ රසායන විද්‍යාව.
ප්‍රින්සිපල්: (තේජාන්විතව හිස සිරස්ව වනමින්) ආ.. පිසික්ස් නේ...